ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තයට පහසු ජයක්.

(වීඩියෝව පහලින් නැරඹිය හැකි) මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවන තරඟය වන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (29) පැවතී තරඟයෙන් ලකුණු 65ක ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය නායක කේන් විලියම්සන්, පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබාගැනීමට සමත්විය.

නවසීලන්තය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ග්ලෙන් ෆිලිප්ස් විශිෂ්ඨ ශතකයක් රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 64කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 10ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 104 ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Daryl Mitchell පන්දු 24කදී ලකුණු 22ක් හා Mitchell Santner  නොදැවී ලකුණු 11ක් ලබාගත් නමුත් අන් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය. (ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය ඉනිමේ පලමු කඩුලු 3 ලකුණු 15ක් තුළ දවාගැනීමට සමත්විය)

 

 

පන්දු යැවීමේදී, සුපිරි පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23 කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව මහීශ් තීක්ශනත් , වනිඳු හසරංග , දනංජය ද සිල්වා හා ලහිරු කුමාර ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.

 

 

අනතුරුව ලකුණු 168ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා  කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණයි.

ශ්‍රී ලංක ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 32කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව භානුක රාජපක්ෂ පන්දු 22කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 34ක් ලබාගත් නමුත් අන් කිසිම ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට නොහැකි විය.

 

 

අද දින සිය ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 34 වන ඉනිම ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හට ලකුණු ලබාගැනීමට හැකිවූයේ නෑ. ඒ සමඟින් ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ලකුණු 1000 ලබාගත් ක්‍රීඩකයා වීමේ අවස්ථාව ඔහුට ලකුණු 62කින් අහිමිවිය.

 

 

මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම ලකුණු 1000 ලබාගෙන ඇත්තේ කුසල් ජනිත් පෙරේරා වේ. ඔහු ලකුණු 1000 ලබාගැනීමට ජාත්‍යන්තර T20 ඉනිම් 34ක් ක්‍රීඩා කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ලකුණු 1000 ලබාගත් පිතිකරුවන්,

 

1) කුසල් ජනිත් පෙරේරා

 

මේ වන විට තරඟ 60කදී ලකුණු 1539ක් ලබාගෙන සිටින කුසල් ජනිත් පෙරේර, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කර ඇත්තේ ඉනිම් 34කිනි.

 

2) කුමාර සංගක්කාර

 

සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 56ක් ක්‍රීඩා කරමින් ලකුණු 1201ක් රැස්කර ගැනීමට සමත්වූ අතර, ඔහු විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 පසුකර ඇත්තේ ඉනිම් 38කිනි.

 

3) මහේල ජයවර්ධන

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ 55කදී ලකුණු 1493ක් ලබාගැනීමට සමත්වී ඇති මහේල ජයවර්ධන,ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සීමාව පසුකර ගොස් ඇත්තේ 40 වන ඉනිමේදී වේ.

 

4) තිලකරත්න ඩිල්ශාන්

 

 

Tm ඩිල්ශාන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර විස්සයි විස්ස ඉතිහාසයේ වැඩිම ලකුණු (1889) රැස්කර ගෙන ඇති තිලකරත්න ඩිල්ශාන්, තම ලකුණු 1000 සීමාව පසුකර ගොස් ඇත්තේ 40 වන ඉනිමේදී වේ.

අද (29) තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ට්‍රෙන්ට් බෝල්ට් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 13කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය.

 

 

ඊට අමතරව, Mitchell Santner හා Ish Sodhi කඩුලු 2ක බැඟින් හා Tim Southee, Lockie Ferguson එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ Point Table හි අවසන් ස්ථානයට ඇද දමමින් නවසීලන්ත කණ්ඩායම තරඟය ලකුණු 65කින් ජයග්‍රහණය කළ අතර තරඟයේදී වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ශතකයක් ලබාගත් ග්ලෙන් ෆිලිප්ස් වේ.

 

 

මහීශ් තීක්ශන, දනංජය ද සිල්වා හා කසුන් රාජිත දවාගත් කඩුලු 3 වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *