කැන්ඩි වොරියස් කණ්ඩායමට එරෙහිව කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 15 වන තරඟය ලෙස අද (14) පැවතී කැන්ඩි වොරියර්ස් හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබාගැනීමට සමත්විය.
කැන්ඩි වොරියර්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු Kennar Lewis පන්දු 44කදී හතරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 62 ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව චරිත් අසලංක පන්දු 18කදී හහරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට සමත් වූ අතර නිමේශ් විමුක්ති පන්දු 8කදී ලකුණු 12ක් රැස්කිරීමට සමත් විය. අනෙක් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට වීමට නොහැකි විය.
පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 35කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. දුශ්මන්ත චමීර හමුවේ දැවී ගිය පිතිකරුවන් වනුයේ Kennar Lewis , Ahamed Shehzad, ඇන්ජලෝ පෙරේරා හා නිමේශ් විමුක්ති වේ.
ඊට අමතරව , සීකුගේ ප්‍රසන්න , අශාන් ප්‍රියන්ජන් , රවී රාම්පෝල්, නවීන් උල්-හක් හා දනන්ජය ද සිල්වා අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.
අනතුරුව ලකුණු 147ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 19.4 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවි ලකුණු 150ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.
කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 15ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය ක්‍රියාත්මක කළ ලහිරු කුමාරගේ පලමු පන්දු තුනටම සීකුගේ ප්‍රසන්න විසින් පිට පිට හයේ පහරවල් 3ක් එල්ල කිරීමට සමත්විය.
කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දිනේශ් චන්දිමාල් පන්දු 27කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව අවසන් මොහොතේ සීකුගේ ප්‍රසන්න වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 6කදී හයේ පහරවල් 5 සමඟින් නොදැවී ලකුණු 32ක් ද ලබාගත් අතර, ආරම්භක පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී නිමේශ් විමුක්ති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 11කට කඩුලු 2ක් දවාගත් අතර, කමිඳු මෙන්ඩිස් , සචිඳු කොළම්බගේ හා චරිත් අසලංක ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවතී මෙම තරඟය කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 5කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අවසන් මොහොතේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහරවල් 5ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබාගත් සීකුගේ ප්‍රසන්න වේ.
ලහිරු කුමාරගේ අවසන් පන්දුවාරයට, සීකුගේ ප්‍රසන්න එල්ල කළ හයේ පහරවල් තුනේ වීඩියෝව,
Seekuge Prasanna ❤️?#LPL2021 #CSvsKW pic.twitter.com/YFL00RchOB
— Stay Cricket (@staycricket) December 14, 2021