19න් පහළ කණ්ඩායමේ සිට එකට ක්‍රීඩා කළ නිසා චරිත් අසලංක එක්ක පිතිකරණයේ යෙදෙන්න ලේසියි.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය ආරම්භ වෙමින් පැවති පලමු තරඟයෙන් ලකුණු 14ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට, දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබාගත් අතර, චරිත් අසලංක ලකුණු 72ක් හා දනන්ජය ද සිල්වා ලකුණු 44ක් ලබාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කර දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 286ක් පමණයි. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2ක් හා චාමික කරුණාරත්න , ප්‍රවීන් ජයවික්‍රම , වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් ලබා ගැනීමට සමත් වුණා.
අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14ක ජයක් වාර්ථා කිරීමෙන් අනතුරුව තරඟයේ වැඩිම ලකුණු ලාභියා වූ පන්දු 115කදී ලකුණු 118ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු තරඟයේ වීරයා සම්මානය දිනාගත් අතර, තරඟයෙන් පසු ඔන්ලයින් මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු තරඟය පිළිඹඳ අදහස් දැක්වූවා.
“මුලින්ම අපි බැට් කරන්න යද්දී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් විදිහට පෙනුනා. නමුත් අන්තිම හරියෙදී දඟපන්දු යවන්නන්ගේ බෝලේ ටිකක් හොඳට දඟ කැවෙන්න ගත්තා. අපේ ටාගට් එක තිබුණේ ලකුණු 270ක් 280ක් වගේ ලබාගන්න. ඒ උනාට අපි මැද ඕවර්ස් වල සෙල්ලම් කරපු විදිහ හා අන්තිමට ඕවර්ස් වල සෙල්ලම් කරපු විදිහ නිසා ලකුණු 300ක් ලබාගන්න හැකි වුණා.”
අවිශ්ක ප්‍රනාන්දු හා චරිත් අසලංක වයස 19න් පහළ කණ්ඩායමේ එකට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙන් දෙදෙනෙක් වන අතර, ඉන් පසුවද SSC කණ්ඩායම සමඟ ද එකට ක්‍රීඩා කර කරමින්, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේද එකට ක්‍රීඩා කරමින් සිටින ඔවුන් දෙදෙනා එක්ව මෙම තරඟයේදි ලකුණු 98ක විශිෂ්ට සබධතාවයක් පැවැත්වීමට හැකියාව ලැබුණා. මේ පිළිඹඳව අවිශ්ක ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කළ සිටියේ ඔවුන් දෙදෙනා ගොඩ කාලයක් එකට ක්‍රීඩා කිරීම හේතුවෙන්, පිතිකරණයේ නිරත වීමේදී දෙදෙනාටම පහසු කාර්යයක් වන බවයි.
අවුරුදු 15, 16 ඉදන්ම වගේ චරිත් අසලංකයි, මමයි එකම කණ්ඩායම් වල සෙල්ලම් කරා. ඉතින් එයා සෙල්ලම් කරන විදිහයි, මම සෙල්ලම් කරන විදිහයි දෙන්නට දෙන්නා දන්නවා. ඒක නිසා ගොඩාක්ම ලේසියි අපි දෙන්නට එකතු වෙලා බැට් කරන්න.
අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට පැමිණී මුල් කාලයේදි ඉනිම ආරභයේ සිට විශාල පහරවල් වලට යමින් ලකුණු රැස් කර අතර, මේ වන විට එම ලකුණු ලබා ගැනීමේ ආකාරය වෙනස් කරගනිමින්, තරඟයේ වැඩිපන්දු වාර සංඛ්‍යාවක් ක්‍රීඩාකරමින්, දීර්ඝ ඉනිම් ක්‍රීඩා කිරීමට ඔහුට “කවුරුන් හෝ උපදෙස් ලබා දුන්නේ ද?” ලෙස මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට අවිශ්ක ප්‍රනාන්දු ලබා දුන්නේ මෙවැන් පිලිතුරක්.
“මට කාගෙන්වත් එහෙම මැසේජ් එකක් ආවේ නෑ. මමයි මිනෝද් බානුකයි ඉනිම ආරම්භ කරලා, මිනෝද් අවුට් උනාට පස්සේ, භානුක රාජපක්ෂත් අවුට් වුණා. ඉතින් එක ලඟ විකට් දෙකක් ගිය නිසා මම ඒ වෙලාවේ කල්පනා කරලා, මම කලින්ම අවුට් වුනොත් කණ්ඩායම අපහසු තත්වයකට පත්වෙන නිසා මම එකපැත්තක් අල්ලගෙන දිගටම බැට් කරන්න ඕනේ කියලා හිතුනා. ඉතින් මට කණ්ඩායම වෙනුවෙන් ඒක කරන්න පුලුවන් වුණා.”
“අපි මුලින්ම කණ්ඩායමට එනකොට අනිත් කණ්ඩායම් අපිව දන්නෙ නැහැ. ඒ නිසා ටීම් එකට එකතු වුණ අලුත අපිට ලකුණු ගහන්න ලේසියි. හැබැයි තරඟ කිහිපයක් සෙල්ලම් කරන කොට එයාලා අපිව අධ්‍යනය කරන නිසා ලකුණු ගහන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අපි ගැලපෙන විදියට වෙනස් වෙන්න ඕනේ. මම කොහොමත් පවර්ප්ලේ එකේදී වේගයෙන් ගහනවා. හැමවෙලේම පන්දු 100ක් විතර සෙල්ලම් කරොත් ලකුණු 100කට ආසන්න ගණනක් ලබාගන්න පුලුවන් වෙනවා. හැමවෙලේම උඩින් එන බැට්ස්මන් කෙනෙක් ඕවර් 35ක් 40ක් වගේ වෙනකන් සෙල්ලම් කරොත් ඒක කණ්ඩායමට වාසියක් විදිහට තමයි මම හිතන්නේ.”
“මීට කලින් මගේ ෆිට්නස් ගැටලුව හේතුවෙන් මට සමහර තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව නැති වුණා. මම ඒකෙන් දෙයක් ලබාගෙන මහන්සි වෙලා මගේ ෆිට්නස් එක වැඩිදියුණු කරගත්තා. ඇත්තටම දැන් පන්දුවට පහර දීමේදි මෙන්ම පන්දු රකිද්දී මට පහසුවක් දැනෙනවා. ඒ විදියට මගේ ෆිට්නස් එක වැඩිදියුණු වුණ නිසා මගේ අනෙකුත් දේවලුත් වැඩිදියුණු වුණා කියලා මම හිතනවා.” –අවිශ්ක ප්‍රනාන්දු
මෙම තරඟයේ ඡායාරූප කිහිපයක් පහළින්.
2)
3)
4)
5)
6)