කැන්ඩි වොරියර්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජය වාර්ථා කිරීමට සමත් වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 18 වන තරඟය ලෙස අද (16) පැවතී කැන්ඩි වොරියර්ස් හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ජයන්ට්ස් නායක දසුන් ශානක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

දඹුල්ල ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ රමේශ් මෙන්ඩිස් පන්දු 28 කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 41 ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව Sachitha Jayathilaka පන්දු 40කදී හහරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත් වූ අතර Najibullah Zadran ලකුණු 14ක් හා නිරෝශන් දික්වැල්ල ලකුණු 12ක් ද ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු  විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22 කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් තිදෙනා වනුයේ, නිරෝශන් දික්වැල්ල , Phil Salt හා Sachitha Jayathilaka වේ.

 

ඊට අමතරව Al-amin Hossain ලකුණු 32කට කඩුලු 3ක් හා, නිමේශ් විමුක්ති හා Shiraz Ahmed ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 131ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 19.2 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 135ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

කැන්ඩි වොරියර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ රවී බොපාරා පන්දු 59කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 59 ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව නායක ඇන්ජලෝ පෙරේරා  පන්දු 22කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 29ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු Kennar Lewis පන්දු 26කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 17ට කඩුලු 2ක් දවාගත් අතර, රමේශ් මෙන්ඩිස් ලකුණු 19කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. අන්කිසිඳු ක්‍රීඩකයෙකුට කඩුලු ලබාගැනීමට හැකි වුනේ නැහැ.

ඒ අනුව දඹුල්ල වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවතී මෙම තරඟය කැන්ඩි වොරියර්ස් කණ්ඩායම කඩුලු 6කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 50කදී නොදැවී ලකුණු 59ක් ලබාගත් රවී බොපාරා වේ.

 

බිනුර ප්‍රනාන්දු, Phil Salt දවාගැනීමෙන් අනතුරුව සැමරූ ආකාරය,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *