කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තරඟාවලියේ ප්ලේඕෆ් වටයට සුදුසුකම් ලබා ගනී.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය ලෙස අද (17) පැවතී කැන්ඩි වොරියර්ස් හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 58ක විශිෂ්ට ජයක් වාර්ථා කරමින් ප්ලේ ඕෆ් වටයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි වොරියර්ස්  නායක ඇන්ජලෝ පෙරේරා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 182 ක් ලබාගැනීමට සමත් විය.

කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 58 ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව දිනේශ් චන්දිමාල් පන්දු 29කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබාගැනීමට සමත් වූ අතර දනන්ජය ද සිල්වා පන්ද් 28කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ද ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී නිමේශ් විමුක්ති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24 කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර Al-amin Hossain හා සචිඳු කොලම්බගේ ද එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.

 

අනතුරුව ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 17 අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

කැන්ඩි වොරියර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ රවී බොපාරා පන්දු 31කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 47 ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව ආරම්භ පිතිකරු Kennar Lewis  පන්දු 11කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් රැස්කළ අතර, අසේල ගුණරත්න ලකුණු 17ක් හා චරිත් අසලංක ලකුණු 14ක් ලබාගැනීමට සමත් විය. කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා හට ලකුණු ලබාගැනීම හැකි වුණේ නැහැ.

 

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 6ක් දවාගැනීමට සමත් විය. ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වනුයේ, Kennar Lewis, මිනෝද් බානුක, චරිත් අසලංක , කමිඳු මෙන්ඩිස් , සචිඳු කොලම්බගේ හා Al-amin Hossain වේ.

 

ඊට අමතරව, සීකුගේ ප්‍රසන්න පන්දුවාර 4 අවසානයේදී ලකුණු 27කට කඩුලු 2ක් හා නවීන් උල්-හක් ලකුණු 9කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත් විය.

ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවතී මෙම තරඟය කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 58කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 25කට කඩුලු 6ක් දවාගත් ජෙෆ්රි වැන්ඩසේ වේ.

 

සීකුගේ ප්‍රසන්න කඩුලු ලබාගත් පසු කළ නර්ථනය (වීඩියෝ)

 

 

තරඟාවලියේ මෙතෙක් දිගම හයේ පහර වන මීටර් 113ක් දුරට Kennar Lewis එල්ල කළ හයේ පහර (වීඩියෝ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *