2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයින් රැසකට මෙවර තරඟාවලිය අහිමි වෙයි.
2020 වසරේ ප්‍රථම වතාවට ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අදියර මෙම වසරේ ජූලි 30 වෙනිදා සිට අගෝස්තු 22 වන දින තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පසුගිය දා ප්‍රකාශ කරනු ලැබුවා.
ගෙවුනු වසරේ මෙම තරඟාවලියට විදෙස් ක්‍රීඩකයින් රැසක් එකතු වූ අතර ඒ හේතුවෙන් මෙම තරඟාවලිය විදෙස් ප්‍රේක්ෂකයන්ගේ ද අවධානයට යොමු වුණා. නමුත් මෙවර තරඟාවලිය සඳහා ගිය වර ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයින් 9 දෙනෙකුට මෙවර තරඟාවලිය ක්‍රීඩා නොකර බව වාර්ථා වේ.
ජූලි 21 වන දින එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත “The Hundred” පන්දු 100 ක්‍රිකට් තරඟාවලිය හා අගෝස්තු 6 ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – අයර්ලන්ත එක්දින ක්‍රිකට් තරඟාවලිය මේ සඳහා හේතු වී ඇත.
මේ හේතුවෙන් මෙවර තරඟාවාලියට සහභාගී වීමට නොහැකි ක්‍රීඩකයින් 9 දෙනා පහත පරිදි වේ.
කලම්බෝ කින්ග්ස් කණ්ඩායමේ –
Daniel Bell-Drummond (Brimingham Phoenix)
Laurie Evans (Oval Invincibles)
Andre Russell (Southern Brave)
Qais Ahmad (Welsh Fire)
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ –
Brendon Taylor ( Zimbabwe tour Of Ireland)
ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ –
Tom Moores ( Zimbabwe tour Of Ireland)
ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ –
Mohammed amir (London Spirit)
දඹුල්ල වයිකින් කණ්ඩායමේ –
Samith Patel (Trent Rockets)
Paul Stirling (Zimbabwe tour Of Ireland)
මීට අමතරව 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කළ ඉන්දියානු ක්‍රීඩකයින් 4 දෙනෙකුට ද මෙවර තරඟාවලිය අහිමි වන බව වාර්ථා වෙයි. ඒ ඉන්දියානු රජය විසින් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පනවා ඇති සංචරණය තහනම හේතුවෙනි.

ඉන්දියානු ක්‍රීඩකයින් හතර දෙනා.
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ – Irfan Pathan , Munaf Patel
දඹුල්ල වයිකින් කණ්ඩායමේ – Sudeeo Tyagi
කලම්බෝ කින්ග්ස් කණ්ඩායමේ – Manpreet Gony