2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ ශූරතාවය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස අද (23) පැවතී ජැෆ්නා කින්ග් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 24ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් නායක තිසර පෙරේරා පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 201 ක් ලබාගැනීමට සමත්විය.

ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 41කදී පහරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ටොම් කොලර් කැඩ්මෝ පන්දු 41කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබාගැනීමට සමත් වූ අතර, Rahmanullah Gurbaz පන්දු 18කදී ලකුණු 35ක් හා නායක තිසර පෙරේරා පන්දු 9කදී ලකුණු 17ක් ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී සමිත් පටෙල්, නුවන් තුශාර හා මොහොමඩ් අමීර් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

අනතුරුව ලකුණු 202ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

ගෝල් ග්ලැඩියේටස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු දනුශ්ක ගුණතිලක පන්දු 21කදී හතරේ පහර 7ක් හා හයේ පහරවල් 3ක් සමඟින් වේගවත් ලකුණු 54ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව දනුශ්ක සමඟින් ඉන්ම ආරම්භක කළ කුසල් මෙන්ඩිස් පන්දු 28කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක්  සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර , සමිත් පටෙල් පන්දු 20කදී ලකුණු 22ක් ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 30කට කඩුලු 2ක් දවාගත් ගැනීමට සමත්වූ අතර, ඔහු විසින් දවාගනු ලැබූයේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ වටිනාම කඩුලු දෙකක් වන දනුශ්ක ගුණතිලක හා Ben Dunk වේ.

 

ඊට අමතරව චතුරංග ද සිල්වා ලකුණු 15කට කඩුලු 2ක් හා, මහීශ් තීක්ශණ , Jayden Seales, සුරංග ලක්මාල් අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම පරාජයට පත් කරමින්, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 41කදී ලකුණු 63ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු වේ.

 

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු දෙකේ (වීඩියෝව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *