2021 වසරේ ජාත්‍යන්තර වරම් දිනාගත් හොඳම ක්‍රීඩකයින් අතරට චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙක්.

නිමාවූ 2021 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩකයින් 10 දෙනෙක් ප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPNcricinfo වෙබ් අඩවිය මඟින් නම් කර තිබෙනවා.

 

වෙබ් අඩවිය මඟින් නම් කර ඇති ක්‍රීඩකයින් 10 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකුම ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ESPNCRICINFO වෙබ් අඩවිය මඟින් නම් කරන ලද 2021 වසරේ ජාත්‍යන්තර වරම් දිනාගත් ක්‍රීඩකයින් 10 අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනා හැරුණු විට, නවසීලන්තය, එංගලන්තය, පකිස්තානය යන රටවල් වලින් එක් ක්‍රීඩකයෙකු බැඟින් ද හා ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුළත්.

 

ESPNCRICINFO වෙබ් අඩවිය මඟින් නම් කරන ලඳ ක්‍රීඩකයින් 10 පහතින්,

1) චරිත් අසලංක

මේ වන විට අවුරුදු 24ක් වන චරිත් අසලංක 2021 වසරේ ජුනි 29 වන දින එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් අතර 2021 වසරේ එක්දින තරඟ 08ක් ක්‍රීඩා කරමින් ලකුණු 326ක් ලබාගැනීමට සමත්වී ඇත. ඔහුගේ ඉනිම් 08 තුළ අර්ධ ශතක 3ක් ඇතුළත් වන අතර පිතිකරණ සාමාන්‍ය ලකුණු 40.75ක් රඳාවාගැනීමට සමත්වී ඇත.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

2021 ජූලි 25 වන දින ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනාගැනීමෙන් අනතරුව 2021 වසරේ T20I තරඟ 9කදී ලකුණු 295ක් ලබාගනිමින් පිතිකරණ සාමාන්‍ය 36.88ක් රඳවාගෙන සිටී. චරිත් අසලංක, නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්විය.

ටෙස්ට් – තරඟ 1,  ලකුණු 29 – බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව.

2) Ollie Robinson – එංගලන්තය

 

2021 ජුනි 02 වන දින නවසීලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ Ollie Robinson පලමු ඉනිමේ ලකුණු 75කට කඩුලු 4ක් හා දෙවෙනි ඉනිමේ ලකුණු 26කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. එම තරඟයේදී පලමු ඉනිමේ පන්දුවට පහර දෙමින් ලකුණු 42ක් ද රැස් කිරීමට Ollie Robinson සමත්වී ඇත.
(2021 වසර – ටෙස්ට් තරඟ 8කදී කඩුලු 37ක් දවාගෙන ඇත)

3) ප්‍රවීන් ජයවික්‍රම

 

2021 වසරේ බංග්ලාදේශය කණ්ඩායමට පැවතී දෙවන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් වරම් දිනාගත් ප්‍රවීන් ජයවික්‍රම පලමු ටෙස්ට් තරඟයේදීම ලකුණු 178කට කඩුලු 11ක් බිඳ දැමීමට සමත්විය. එම තරඟයේදී ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම ඉතිහාසගත වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මංගල තරඟයේදී හොඳම පන්දු යැවීම ලෙසයි. ඔහු 2021 වසරේ ටෙස්ට් තරඟ 3කදී කඩුලු 18ක් දවාගැනීමට සමත්වී ඇත.

2021 වසරේ එංගලන්තයේදී එක්දින වරම් දිනාගත් ප්‍රවීන් ජයවික්‍රම එම වසරේ එක්දින තරඟ 5ක් ක්‍රීඩා කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්වී ඇත.

4) Rachin Ravindra – නවසීලන්තය

 

මංගල විස්සයි විස්ස තරඟය – 2021/09/01 – බංග්ලාදේශයට එරෙහිව,
2021 වසරේ විස්සයි විස්ස තරඟ 6කදී කඩුලු 6ක් දවාගෙන ඇත. (Econ 4.36)
මංගල ටෙස්ට් තරඟය – 2021/11/25 – ඉන්දියාවට එරෙහිව, (2021 වසරේ ටෙස්ට් තරඟ 2කදී කඩුලු 3ක් දවාගෙන ඇත)

5) පැතුම් නිස්සංක

 

පැතුම් නිස්සංක 2021 මාර්තු 22 වන බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් අතර, පලමු තරඟයේදීම දෙවෙනි ඉනිමේ අගනා ශතකයක් ලබාගැනීමට සමත්විය. 2021 වසරේ නිස්සංක විසින් ටෙස්ට් තරඟ 6කදී ඉනිම් 10ක් ක්‍රීඩා කරමින් ලකුණු 427ක් ලබාගෙන සිටින්නේ ඉනිමක ලකුණු සාමාන්‍ය ලකුණු 42.70ක් රඳවාගනිමින්ය. (අර්ධ ශතක 4ක් හා එක් ශතකයකට හිමිකම් කියයි)

ඊට අමතරව 2021 වසරේ එක්දින තරඟ 9කදී ලකුණු 86ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, විස්සයි විස්ස තරඟ 12කදී ලකුණු 302ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබාගැනීමේ වේගය 117.05ක් රඳවාගනිමිනි. (SR – 117.05)

6) Sajid Khan – පකිස්තානය

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

2021 වසරේ අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායම එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගත් Sajid Khan, දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවතී ටෙස්ට් තරඟයේදී පලමු ඉනිමේදී ලකුණු 42කට කඩුලු 8ක් හා දෙවෙනි ඉනිමේදී ලකුණු 86කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. ඔහුගේ මෙම පලමු ඉනිමේ පන්දු යැවීම ඉතිහාස ගත වූයේ ටෙස්ට් ඉනිමකදී පකිස්තාන පන්දු යවන්නෙකු වාර්ථා කළ සිව්වැනි හොඳම පන්දු යැවීම ලෙසයි.
(ටෙස්ට් තරඟ 4කදී කඩුලු 18ක් දවාගැනීමට සමත්වී ඇත)

7) මහීශ් තීක්ශණ

 

2021/09/07 වන දින දකුණු අප්‍රිකාවට එරෙහිව ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් මහීශ් තීක්ශණ එම තරඟයේදී ලකුණු 37කට කඩුලු 4ක් බිඳදැමීමට සමත්විය.

2021/09/10 දින ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනාගත් මහීශ් තීක්ශණ, නිමාවූ T20I ලෝක කුසලානයේදී නැම්බියාව හා අයර්ලන්තයට එරෙහිව කඩුලු 3 බැඟින් දවාගැනීමට සමත්වූ අතර නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 10කට කඩුලු 2ක් ද ලබාගැනීමට සමත් විය.  ( තරඟ 10, කඩුලු 9, Econ 6.21)

8) ඉශාන් ක්‍රිශාන් – ඉන්දියාව

 

2021 මාර්තු 14 එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් දිනාගත් අතර, 2021/07/18 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින වරම් දිනාගත් වයස අවුරුදු 23ක් වන ඉශාන් ක්‍රිශාන් මෙම තරඟ දෙකේදීම අර්ධ ශතක ලබාගැනීමට සමත්විය.

එක්දින තරඟ – 2, ලකුණු – 60, Average – 30.00
විස්සයි විස්ස තරඟ – 5, ලකුණු 113, Average – 28.25

9) රමේෂ් මෙන්ඩිස්

 

වයස අවුරුදු 26 වන රමේශ් මෙන්ඩිස් 2021 ජනවාරි 22 වන දින එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් අතර, මැයි 28 වන දින බංග්ලාදේශයට එරෙහිව එක්දින වරම් හා, ජූලි 28 දින ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස වරම් ද දිනාගැනීමට සමත්විය.

2021 වසර – ටෙස්ට් තරඟ 4කදී කඩුලු 26ක්, එක්දින තරඟ 3කදී කඩුලු 2ක් හා විස්සයි විස්ස තරඟයකදී එක් කඩුල්ලක් (Econ 5.50) කට හිමිකම් කියයි.

10) Suryakumar Yadav – ඉන්දියාව

 

2021 මාර්තු 14 වන දින එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් දිනාගත් සූර්යකුමාර් යාදෙව් 2021 වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම් 9කදී ලකුණු 244ක් ලබාගැනීමට සමත්වී ඇත. ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතක 3කට හිමිකම් කියන අතර පිතිකරණ සාමාන්‍ය 34.86ක් රඳවාගෙන සිටී.

ජූලි මාසරේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ඔහු 2021 වසරේ එක්දින තරඟ 3කදී ලකුණු 124ක් ලබාගත් අතර පිතිකරණ සාමාන්‍ය 62.00 පවත්වා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *