2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝබර් මස 17 වන දින ආරම්භ වීමට නියමිත අතර, මේ වන විට එක් එක් කණ්ඩායම් ලෝක කුසලානය සංචිත නම් කරමින් පවතී. මේ අතර අද දින ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කරනු ලැබුවා..(සංචිතය පහළින් සඳහන් කර ඇත)
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමේ වටය ක්‍රීඩා කිරීමට සිදුවී ඇති අතර, එම වටයේදී ශ්‍රී ලංකාව විසින්, අයර්ලන්තය , නෙදර්ලන්තය , නැම්බියාව යන රටවල් තුන සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙම ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට ලැබී ඇති අතර, ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල්ව හා නුවන් ප්‍රදීප් මෙම සංචිතයට ඇතුලත් කර තිබෙනවා. වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසයි.
ලහිරු කුමාරට අමතරව, අකිල ධනංජය, පුලින තරංග, බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙන අතර, යොවුන් ක්‍රීඩක මහීශ් තීක්ශන, ප්‍රවීන් ජයවික්‍රම මෙවර ලෝක කුසලානය සංචිතය සඳහා නම් කර තිබෙනවා.
මේ අතර, 2014 ලෝක කුසලානය ජයග්‍රහණයේ ශ්‍රී ලංකා නායකයා වූ ලසිත් මාලිංග, තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගෙන නැති වුවත්, මෙවර ලෝක කුසලානය සංචිතය සඳහා ඔවුව නම් කර නොමැත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ දැනට සිටින ඡේෂ්ඨටම ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද මෙම සංචිතය සඳහා ඇතුළත් වී නැහැ.
ඊට අමතරම මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි 16 වන ස්ථානයේ රැඳී සිටින ලක්ශාන් සඳකැන් මෙවර ලෝක කුසලානය සංචිතය සඳහා නම් නොකිරීමට ද තීරණය කිරීම ද පුදුමයට කරුණකි.
ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න..
01) දසුන් ශානක – නායක
02) කුසල් පෙරේරා
03) අවිශ්ක ප්‍රනාන්දු
04) බානුක රාජපක්ෂ
05) දනන්ජය ද සිල්වා
06) චරිත් අසලංක
07) වනිඳු හසරංග
08) චාමික කරුණාරත්න
09) දුශ්මන්ත චමීර
10) ප්‍රවීන් ජයවික්‍රම
11) දිනේශ් චන්දිමාල්
12) කමිඳු මෙන්ඩිස්
13) මහීශ් තීක්ශණ
14) නුවන් ප්‍රදීප්
15) ලහිරු මධුසංක
අතිරේක ක්‍රීඩකයින් හතර දෙනා මෙන්න
1) ලහිරු කුමාර
2) බිනුර ප්‍රනාන්දු
3) අකිල ධනංජය
4) පුලින තරංග