2022 “ලෙජන්ඩ් ක්‍රිකට් ලීග්” තරඟාවලියක් ඕමානයේදී කණ්ඩායම් තුනකින් සමන්විතව පැවැත්වීමට නියමිතයි.
“ලෙජන්ඩ් ක්‍රිකට් ලීග්” ලෙස නම් කර ඇති ලෙජන්ඩ් ක්‍රිකට් තරඟාවලියක් 2022 ජනවාරි මාසයේදී ඕමානයේ අල් අම්‍රාට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙම තරඟාවලියට ඉන්දියාව , ශ්‍රී ලංකාව , පකිස්තානයට , ඕස්ට්‍රේලියාව හා එංගලන්තයේ හිටපු ක්‍රීඩකයින් සහභාගි වන අතර, තරඟාවලිය කණ්ඩායම් තුනකින් සමන්විත වෙනවා.
ඉන්දියාවෙන් සම්පූර්ණ කණ්ඩායමක් , ආසියාවෙන් එක් කණ්ඩායමක් හා අනෙකුත් රටවල් වලින් තවත් කණ්ඩායමක් ලෙස කණ්ඩායම තුනක් සහභාගි වන අතර, ආසියානු කණ්ඩායමට ශ්‍රී ලංකාව හා පාකිස්තාන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් වෙනවා.
මෙම ලෙජන්ඩ් ක්‍රිකට් තරඟවලිය ඕමානයේ පැවැත්වීම හේතුවෙන් ඕමාන් ක්‍රිකට් සභාපති දක්වා ඇත්තේ මෙවම් අදහසක්,
මෙම ලෙජන්ඩ්ස් ක්‍රීඩාවට සත්කාරකත්වය දැක්වීම ඕමාන් ක්‍රිකට් ආයතනයට ගෞරවයක්. ඕමාන් ක්‍රිකට් වලට මෙය ගොඩක් වැදගත් වේවි. මෙවැනි ක්‍රිකට් තරු එකතුවක් ඕමානයේ පෙර නොවූ විරූ දෙයක් වන අතර මෙය ඕමාන් ක්‍රිකට් සඳහා සම්පූර්ණයෙන්ම නව අවස්ථාවක් විවර කරමින් ආරම්භය පමණක් වනු ඇතැයි මට විශ්වාසයි. ඕමාන් ක්‍රිකට් හි අපි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට හොඳම ආගන්තුක සත්කාරය පිරිනමන්නෙමු” – ඕමාන් ක්‍රිකට් සභාපති Pankaj Khimji පැවසීය.
ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගයේ කොමසාරිස් රවී ශාස්ත්‍රි පැවසුවේ, “අපගේ ලීගය නව ගමනාන්තයන් තුළ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙස අපි දකිමු. සියලු විකල්ප අතරින් ඕමානය හොඳම ස්ථානය ලෙස ඉදිරිපත් විය. එය ඕමාන් ක්‍රිකට් ඉදිරි ගමනකට හොඳ ආරම්භයක් වනු ඇත. “මෙතරම් විශාල නම් ඇති ක්‍රීඩකයින් ඕමානයේ ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වන අතර සමහර විට ඕමානයේ ක්‍රිකට් ලෝලීන්ට ජීවිතයේ එක් වරක් අවස්ථාවක් ලැබෙනු ඇත. – රවී ශාස්ත්‍රී