2022 වසරේ සිට අලුත්ම ලෙජන්ඩ් තරඟාවලියක්. ශ්‍රී ලංකාට කණ්ඩායමක් නැහැ.
Absolute Legends Sports පෞද්ගලික සමූහය ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියක් ආරම්භ කිරීමට සූදානම්ව සිටින බවට වාර්තා වනවා.ඒ අනුව ක්‍රිකට් ලොව විශ්‍රාම ගොස් ඇති දැවැන්ත නම් රාශියක් එම ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලිය සමගින් එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.එම තරඟාවලිය අනෙකුත් ප්‍රදර්ශනාත්මක තරඟවලට එහා යමින් දැඩි තරඟකාරී බවකින් යුතු වන බවටයි එහි සංවිධායකයින් පවසන්නේ.
තරඟාවලිය විස්සයි විස්ස තරඟ ලෙස පවත්වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයන්හිදී සියලුම තරඟ පැවැත්වීමට නියමිතව ඇත.පලමු තරඟවාරයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමක් , ආසියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමක් සහ ලොව අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෙජන්ඩ්ස් කණ්ඩායම් ලෙස කණ්ඩායම් ත්‍රිත්වයක් උපයෝගී කොට ගෙන තුන්කොන් තරඟාවලියක් ලෙසට පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව අවසන් තරඟයට පෙර මූලික වටයේ තරඟ හයක් පැවැත්වෙනු ඇත.මෙහි පලමු තරඟවාරය 2022 වසරේදී පැවැත්වීමට සූදානම් කොට ඇති අතර , දෙවන තරඟවාරයද පලමුවැන්න මෙන් තුන්කොන් තරඟාවලියක් ලෙසට පවත්වනු ඇත. ඉන්දියාව , ශ්‍රී ලංකාව , පකිස්තානය , ඔස්ට්‍රේලියා , එංගලන්තය වැනි ක්‍රිකට් ලොව ඉහලම රටවල් වල ක්‍රීඩා කල සුපිරි ක්‍රීඩකයින් රැසක් මෙම තරඟාවලියට සම්බන්ධ කරගන්නා බවට වාර්තා වනවා.
මෙම තරඟාවලියේ සම නිර්මාතෲ සහ ප්‍රධාන විධායක නිළධාරී රමන් රහෙජා මේ පිලිබදව දක්වන්නෙ මෙවන් අදහසක් ” ඉන්දියානු ක්‍රිකට් හි දැවැන්තයින් ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියානු ජන සමාජයට ඉතා තදින් කාවැද්දීමට සමත්වූ පිරිසක්. ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාව තුල ආගමක් මෙන් පැතිර යාම සඳහා මූලීක වූයේ එම ක්‍රීඩකයින්. සමහර ප්‍රේක්ෂකයන් ඔවුන් නොමැතිනම් තරඟ නොබලන තත්වයක් උදාවුනා. ඉතින් අපිට අවශ්‍ය උනා ඒ මතක නැවතත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට අලුත් කර දීමට. ක්‍රීඩකයින් විශ්‍රාම ගොස් ඇති බව සැබෑවක් නමුත් ප්‍රේක්ෂකයන් හට ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩකයින් විශ්‍රාම ගොස් ඇති බව පිලිගැනීමට මදක් අපහසුයි. එමෙන්ම අපි සිතනවා සමහර ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඟේ ක්‍රිකට් තවමත් ඉතුරු වී තිබෙන බව.” යනුවෙනි.
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අශීෂ් නෙහෙරාද මෙ පිලිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක් ” ක්‍රිකට් පිටියේ පැරණි එදිරිවාදිකම් නැවත සජීවිව ක්‍රිකට් ක්‍රීඩාංගණයකට පැමිණීම මං හිතන්නෙ ඉතා අපූරු දෙයක් .. ප්‍රේක්ෂකයන් ඉතාමත් සතුටට පත්වේවි ඔවුන්ගෙ ප්‍රියතම ක්‍රීඩකයින් නැවත සජීවිව දැකබලාගන්නට පුලුවන් වීම නිසා. මම ඉතා ආසාවෙන් ඉන්නෙ මේ තරඟාවලියට සහභාගි වෙන්න.”
මෙම තරඟාවලිය සඳහා කර්මාන්ත හිමියන් සහ විශේෂඥවරුන් බොහෝමයක් සිය දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බවටයි වාර්තා වන්නේ.මෙම තරඟාවලිය විකාශනය කිරීම සඳහාද ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතන රාශියක් මේ වනවිට සාකච්ඡා කරන අතර මෙය ඉතා සුවිශේෂී තරඟාවලියක් වන බවනන් නොඅනුමානයි.
Naveen Krishmal