2022 වසරේ හොඳම T20 කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් ඇතුළත් වෙයි.
2022 වසරේ පැවතී ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ වලදී ක්‍රීඩකයින් දැක්වූ දක්ශතාවයන් සැලකිල්ලට ගනිමින්, ජනප්‍රිය ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPN Cricinfo වෙබ් අඩවිය මඟින් වසරේ (2022) විස්සයි විස්ස කණ්ඩායමක් නම් කර තිබෙනවා.
මෙම කණ්ඩායම සඳහා රටවල් 7කින් ක්‍රීඩකයින් තෝරාගෙන තිබෙන අතර, එහි වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරතාවය දිනාගත් එංගලන්ත කණ්ඩායමෙන් වේ. එය ක්‍රීඩකයින් තිදෙනෙකි.
ඊට අමතරව, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්, ඉන්දියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් හා ඇෆ්ගනිස්තානය , පකිස්තානය , අයර්ලන්තය රටවල් වලින් ක්‍රීඩකයෙකු බැඟින් මෙන්ම ශ්‍රී ලංකාවෙනුත් එක් ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා.
කෙසේ නමුත්, මෙම සුපිරි විස්සයි විස්ස කණ්ඩායම සඳහා ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් , නවසීලන්තය කණ්ඩායමෙන් කිසිඳු ක්‍රීඩකයෙකු තෝරාගෙන නොමැති අතර, බංග්ලාදේශය , බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් වලින් ද කිසිම ක්‍රීඩකයෙකු ඇතුළත් කර නැත.
මෙම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මඟින් නම් කරන ලද මෙම සුපිරි විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හා කඩුලු රැකීමේ කාර්යය ලබාදී ඇත්තේ ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ නායක හා කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර්ට වේ.
ඒ අනුව, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මඟින් නම් කරන ලද කණ්ඩායම මෙන්න.
1) ජෝස් බට්ලර් (එංගලන්ත)
ජෝස් බට්ලර් මෙම වසරේ විස්සයි විස්ස තරඟ 15ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ලකුණු 462ක් වාර්තා කරගැනීමට සමත්වී ඇත. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ නොදැවී ලකුණු 80ක් ලබාගැනීමයි. ඉනිමක සාමාන්‍ය ලකුණු 35.52ක් වන අතර අර්ධ ශතක 4ක් රැස්කරගෙන ඇත.
2) ඇලෙක්ස් හේල්ස් (එංගලන්ත)
2022 වසරේ එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර T20 තරඟ 15ක් ක්‍රීඩා කර ඇති අතර, අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 430ක් ලබාගැනීමට සමත්වී ඇත. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 86ක් ලබාගැනීම වන අතර ඉනිමක සාමාන්‍ය 30.71ක් රඳවාගෙන තිබේ.
3) රිලී රොසොව් (දකුණු අප්‍රිකාව)
2022 වසරේ තරඟ 11ක් ක්‍රීඩා කරමින් ලකුණු 372ක් වාර්තාකරගෙන ඇත්තේ ඉනිමක සාමාන්‍ය 46.50ක් රඳවාගනිමිනි. ඔහු මෙම වසරේ ශතක දෙකක් හා එක් අර්ධ ශතකයක් ලබාගෙන ඇති අතර ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 109කි.
4) සූර්යකුමාර් යාදෙව් (ඉන්දියාව)
මෙම වසරේ ඉන්දියාව වෙනුවෙන් තරඟ 31කදී ලකුණු 1164ක් වාර්තාකරගෙන ඇත්තේ ශතක 2ක් හා අර්ධ ශතක 9ක් ද සමඟිනි. ඔහුගේ මෙම වසරේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 117ක් වන අතර, ලකුණු 46.56ක සාමාන්‍යයක් රඳවාගැනීමට සමත්වී ඇත.
5) ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව)
2022 වසරේ තරඟ 16ක් ක්‍රීඩාකරමින් එක් ශතකයක් හා අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 361ක් ලබාගෙන ඇත. ඉනිමක සාමාන්‍ය 60.17ක් වන අතර, ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 106ක් ලබාගැනීමයි.
6) හර්දික් පාන්ඩ්‍යා (ඉන්දියාව)
ඉන්දියාව වෙනුවෙන් 2022 වසරේ තරඟ 27ක් ක්‍රීඩා කරමින් ලකුණු 607ක් ලබාගෙන ඇත්තෙ ඉනිමක සාමාන්‍ය 33.72ක් පවත්වාගනිමිනි. මෙම වසරේ ඔහු අර්ධ ශතක 3ක් ලබාගෙන ඇති අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 71ක් ලබාගැනීමයි.
ඊට අමතරව පන්දුවෙන්ද කඩුලු 20ක් ලබාගෙන ඇති අතර, හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 33කට කඩුලු 4ක් බිඳ හෙලීමයි.
7) සෑම් කරන් (එංගලන්තය)
2022 වසරේදී එංගලන්ත වෙනුවෙන් තරඟ 19ක් ක්‍රීඩා කරමින් කඩුලු 25ක් ලබාගෙන තිබෙන අතර, වසරේ ඔහුගේ හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 10කට කඩුලු 5ක් බිඳ හෙලීමයි. මෙම වසරේ පැවතී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වීරයා සම්මානය ද ලබාගැනීමට සමත්වූයේ සෑම් කරන් වේ.
8) වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)
මෙම වසරෙදි තරඟ 19ක් ක්‍රීඩා කරමින් මුළු කඩුලු 34ක් බිඳ දැමීමට සමත්වී ඇති වනිඳු හසරංගගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස වාර්තාවී ඇත්තේ ලකුණු 33කට කඩුලු 4ක් බිඳ දැමීමයි.
එමෙන්ම, තරඟ 19 තුලදී ඉනිම් 16ක් පන්දුවට පහර දෙමින් ලකුණු 154ක් ලබාගෙන ඇති අතර ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව 36කි.
9) රශීඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය)
තරඟ 18කදී කඩුලු 19ක් දවාගෙන ඇති අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 22කට කඩුලු 3ක් බිඳ දැමීම වේ. ඊට අමතරව පිත්තෙන්ද දස්කම් දක්වා ඇති රශීඩ් ඛාන් ඉනිම් 13කදී ලකුණු 146ක් ලබාගෙන ඇති අතර මෙම වසරේ ඉනිමක වාර්තාකරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 48ක් ලබාගැනීමයි.
10) හැරිස් රවුෆ් (පකිස්තානය)
පකිස්තාන ක්‍රීඩක රවුෆ් 2022 වසරේ තරඟ 23ක් ක්‍රීඩා කරමින් කඩුලු 31ක් බිඳ දැමීමට සමත්වී ඇත. ඔහුගේ මෙම වසරේ හොඳම පන්දු යැවීම ලකුණු 28කට කඩුලු 3ක් බිඳ දැමීමයි.
11) ජොශ් ලිට්ල් (අයර්ලන්තය)
අයර්ලන්ත ක්‍රීඩක ලිට්ල් මෙම වසරේ තරඟ 26ක් ක්‍රීඩා කරමින් කඩුලු 39ක් බිඳ දැමීමට සමත්වී ඇත. ඔහුගෙ ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 35කට කඩුලු 4ක් බිඳ දැමීමයි.