2022 Friendship cup තරඟාවලියේ ශූරතාවය පකිස්තාන ලෙජන්ඩ් කණ්ඩායමට.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුන Friendship CUP නම් පන්දුවාර 10කින් යුත් තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස අද (7) පැවතී World Legend XI හා Pakistan Legends කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 14ක ජයක් වාර්ථා කිරීමට පකිස්තාන ලෙජන්ඩ් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන ලෙජන්ඩ්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් පකිස්තාන ලෙජන්ඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුඋ 5ක් දැවී ලකුණු 133 ක් ලබාගැනීමට සමත්විය.

පකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Salman Butt වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 20කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Naved Latif පන්දු 8කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී වේගයෙන් පන්දුවට පහරදෙමින් Mohammed Sami පන්දු 10කදී එක් හතරේ පහරක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී වර්ල්ඩ් ලෙජන්ඩ් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Graeme Cremer පන්දුවාර 2 අවසානයේදී ලකුණු 6කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර  Tm ඩිල්ශාන් හා Abdur Razzak අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

 

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ වර්ල්ඩ් ලෙජන්ඩ් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4 දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 119ක් පමණයි.

වර්ල්ඩ් ලෙජන්ඩ්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Phil Mustand පන්දු 21කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන්  පන්දු 16කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර, Hamilton Masakadza පන්දු 11කදී හතරේ පහරක් හා හයේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 18 ක් ලබාගැනීමට සමත්විය.

 

 

පකිස්තාන ලෙජන්ඩ් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Naved-ul-hasan පන්දුවාර 2 අවසානයේදී ලකුණු 29 කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වූ අතර Mohammed Irfan හා Mohammed sami අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

ඒ අනුව තරඟාවලියේ අවසන් මහා තරඟයේදී වර්ල්ඩ් ලෙජන්ඩ් කණ්ඩායම පරදා, පකිස්තාන ලෙජන්ඩ් කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර තරඟයේ වීරයා සම්මානය Mohammed Sami හා තරඟාවලියේ වීරයා සම්මානය තරඟාවලියේ කඩුලු 9ක් ලබාගත් Graeme Cremer විසින් දිනාගනු ලැබීය.

තරඟයේ විශේෂ අවස්ථා (Highlights) මෙතනින් නරඹන්න. (ඩිල්ශාන්ගේ පිතිහරඹය හා ලබාගත් කඩුල්ල සහිතයි)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *