2022 IPL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර,
15 වන වරටත් පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මාර්තු මස 26 වන දින ආරම්භක වන අතර මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ( තරඟ කාළ සටහන පහළින්ම සඳහන් කර ඇත)
මාර්තු මස 26 වන දින සිට මැයි 29 දක්වා පැවැත්වන මෙම තරඟාවලිය සඳහා අලුතින් එකතුවන කණ්ඩායම් දෙක Locknow Super Giant හා Gujarat Titans වන අතර සම්පූර්ණ තරඟාවලියට තරඟ 74ක් ඇතුළත් වේ.
මෙවර තරඟාවලියේ රූපවාහිනී සජීවී විකාශනය Star Sports ඔස්සේ ලබාදෙන අතර, ශ්‍රී ලංකාවාසී ඔබටත් Star Sports ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැකියි.
කෙසේ නමුත් මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කළත්, කිසිඳු දේශීය නාළිකාවක් විසිත් මෙම තරඟාවලියේ විකාශන අයිතිය ලබාගෙන නොමැත.
Star Sports නාලිකා හැරුණු විට ඔබට Dialog Viu ඇප් එක මඟින්ද මෙම තරඟාවලිය නැරඹීමට හැකියාව ඇත. ( ඩයලොග් Viu App එක මඟින් Ten Cricket, SONY SIX, SONY TEN 1, SONY TEN 2 & ONE SPORTS යන ක්‍රීඩා නාළිකා සියල්ල මාසිකව රු.125+Tax කට නැරඹීමට අවස්ථාව් ලබාදී ඇත)
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්,
1) වනිඳු හසරංග – රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්
2) මහීශ් තීක්ශණ – චෙන්නායි සුපර් කින්ග්ස්
3) භානුක රාජපක්ෂ – පන්ජාබ් කින්ග්ස්
4) චාමික කරුණාරත්න – කල්කටා නයිට් රයිඩර්ස්
5) දුශ්මන්ත චමීර – ලක්නව් සුපර් ජයන්ට්ස්