2023 ලෝක කුසලානයේදී දුනිත්ව දැකගන්න පුලුවන් – දසුන් ශානක
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාවට අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ අවසන් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර, තරඟාවලිය තරඟ 3-2ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරඟයේදී පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 160ක් පමණයි. එහිදී චාමික කරුණාරත්න එක්දින පිටියේ මංගල අර්ධ ශතකය රැස්කරගැනීමට ද සමත්වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය පරාජයට පත්වූවත්, මෙම තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ ලකුණු 75ක් ලබාගත් චාමික කරුණාරත්නට වේ. තරඟයෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් කණ්ඩායම වෙනුවෙන් සේවය ඉටු කළ බවයි.
“මෙම තරඟාලිය පුරාවටම මට පිතිකරුවෙක් විදිහට සාර්ථක වෙන්න බැරි වුණා. ඒක ක්‍රීඩකයෙකුට අමතර පීඩනයක්. නමුත් මම හිතාගත්තා අද තමයි මගේ දවස කියලා. මම හිතනවා මම කණ්ඩායම වෙනුවෙන් සේවයක් කළා කියලා. ප්‍රමෝද් මදුශාන් මට හොඳ සහයක් ලබාදුන්නා.”

“ඒ වගේම අපේ රටට අසීරු අවස්ථාවක තරඟාවලියක් සඳහා පැමිණීම පිලිඹඳව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තූතිය පළකර සිටිනවා. හැමෝටම ජය වේවා..” – චාමික කරුණාරත්න.
තරඟයෙන් අනතුරුව ජයග්‍රාහී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංක ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරය ගැන තමන් ගොඩාක් සතුටු වන බවයි.
“අද තරඟය පරාජයට පත්වුවත් තරඟාවලිය පුරාවට ක්‍රීඩකයින් ක්‍රීඩාකළ ආකාරය ගැන සතුටුයි. ධනාත්මක දේවල් ගොඩාක් කණ්ඩායම තුළ දකින්න පුලුවන්. විශේෂයෙන්ම කුසල් ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම දුනිත්, මහීශ්, චාමික, චරිත්, පැතුම් වගේ නම් ගොඩාක් තියනවා.”

“ඒ වගේම අපිව විශ්වාස කරලා අපිත් එක්ක හිටපු ප්‍රේක්ෂකයන් හැමෝටම ස්තූතියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම, ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩාංගනයේ සේවක කාර්යය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.” – දසුන් ශානක
මෙම තරඟයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ස්තූතිය පළ කිරීම සඳහා ඔවුන්ගේ ජර්සියේ වර්ණය වන කහ පැහැති ඇදුම් ඇද තරඟය නැරඹිය සදහා ගිය අතර, ඒරන් ෆින්ච් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හට ස්තූතිය පළ කර සිටියා.
“ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විශිෂ්ඨයි. මම ඔවුන්ට ඔවුන් අපිට ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කරන්න ඕනේ. ගොඩාක් දෙනා කහ පැහැති වර්ණයෙන් සැරසිලා අද අපිට සහය පළකර සිටියා. ස්තූතී ශ්‍රී ලංකා.”
තරඟාවලියේදී අර්ධ ශතක 2ක් ලබාගත් කුසල් මෙන්ඩිස් තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් අතර, ඔහු පැවසූවේ හැමෝම එකතුවෙල ක්‍රීඩා කළ බැවින් තරඟාවලිය ජයගැනීමට හැකිවූ බවයි.
“කණ්ඩායමක් විදිහට හැමෝම එකතුවෙලා සෙල්ලම් කළා. ඒක තමා ගොඩක්ම වටින්නේ. කාලයක් අපි එක්දින තරඟ ගොඩක්ම පරාජයට පත්වුණා. අපි කම්බැක් එකක් දීලා තියනවා. අපි පෙන්නලා තියනවා ඉස්සරහට හොඳ දෙයක් කරන්න පුලුවන් කියලා. ඉස්සරහට ලෝක කුසලානය තියනවා, තව තරඟාවලි තියනවා ඒවත් මේ වගේම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

“මට තරඟාවලිය පෙර මගේ කාර්යය කුමක්ද කියලා මට කියලා දුන්නා. මම හිතනවා මගේ කාර්යය ඒ විදිහටම මම ඉෂ්ඨ කළා කියලා. ඒක කළ නිසා තමා අපි හැමෝටම ජයග්‍රහණය කරන්න පුලුවන් වුණේ. ඒගැන මට ගොඩාක් සතුටුයි.”
“අනිත් එක රටේ ප්‍රශ්න තියාගෙන තරඟ නරඹන්න පැමිණී හැමෝටම ස්තූතියි. ඉදිරියේදිත් අපි ඔබලාව බලාපොරොත්තු වෙනවා.”
මෙම තරඟාවලිය ආරම්භයේදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්දින වරම් දිනාගත් අතර අවසානයේදී තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුණා..තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවේදී නායක දසුන් ශානක ප්‍රකාශ කළ සිටියේ දුනිත් වෙල්ලාලගේ 2023 ලෝක කුසලානයේදි අනිවාර්යයෙන්ම දැකගැනීමට හැකිවන බවයි.
“2023 ලෝක කුසලානයේදී අනිවාර්යයෙන්ම ඔහුව දැකගන්න පුලුවන් වේවි. අපි කොහොමත් මේ ඉන්න කණ්ඩායම තමයි ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නෙත්. අපි පසුගිය ඉන්දියා තරඟාවලිය ඉදන් වගේ බැලුවොත් මේ ඉන්න කණ්ඩායමම තමයි දිගටම ක්‍රීඩා කළේ. දුනිත් මල්ලි වගේම අනිත් ක්‍රීඩකයෙක්ම හරිම දක්ශයි. ඔවුන් දැන් 100%ක්ම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදෙනවා. ” – දසුන් ශානක