කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම හා කුසල් ජනිත්ගේ කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කුසල් මෙන්ඩිසගේ කණ්ඩායමට ලකුණු 2ක ජයක්.

බංගලාදේශයට එරෙහිව එක්දින තරඟාවලියට පෙර පුහුණු තරඟවයක් ලෙස ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය කණ්ඩායම් දෙකකට බෙදී පන්දුවාර 40කින් යුත් තරඟයෙන් අද පැවැත්විණි.


කණ්ඩායම් දෙක කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා කුසල් ජනිත්ගේ නායකත්වයෙන් පැවැත්වූ අතර තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්ථා කිරීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම කිරීමට සමත් විය.


තරඟයේ පලමුව පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 40ට කඩුලු 5ක් දැවී ලකුණු 284ක් ලබාගැනීමට සමත් විය. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝශන් දික්වැල්ල නොදැවී ලකුණු 88ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව නායක කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් හා චාමික කරුණාරත්න ලකුණු 35ක් ලබා ගැනීමට සමත් විය.


පිලිතුරු ඉනිම ක්‍රීඩා කල කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට පන්දුවාර 37.2 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 282ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නවක ක්‍රීඩක අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 80ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව වනිඳු හසරංග ලකුණු 79ක් හා ඉසුරු උදාන ලකුණු 47ක් ලබාගැනීමට සමත් විය. නායක කුසල් ජනිත් පෙරේරාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 28ක් පමණි.  පන්දුයැවිමේදී චාමික කරුණාරත්න ලකුණු 40කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.


ඒ අනුව මෙම තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලබාගැනීනට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යුත් කණ්ඩායම සමත් විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *