3 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පකිස්තානයට වඩා ලකුණු 333ක් ඉදිරියෙන්.

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පලමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද (18) නිමාවූ අතර තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව, පකිස්තානයට අභියෝගයක් එක්කිරීමට සමත්වී තිබෙනවා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් ශ්‍රී ලංකාව පලමුව පන්දුවට පහර දී ලබාගත් ලකුණු 222ට පිලිතුරු වශයෙන් පකිස්තානය පලමු ඉනිම සඳහා ලකුණු 218ක් ලබාගත් අතර, අනතුරුව ශ්‍රී ලංකාව ලකුණු 4ක වාසියක් සමඟින් දෙවෙනි ඉනිම ඊයේ (17) අවසන් බාගයේදී ආරම්භ කළා.

 

 

අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබාගෙන සිටි අතර, ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැදෑ ආරක්ෂකයා ලෙස පන්දුවට පහරදීමට පැමිණී කසුන් රාජිත අද දිනයේ ලකුණු 7කට දවාගැනීමට Mohammed Nawaz සමත්වුණා.

 

 

ඉන්අනතුරුව පන්දුවට පහර දීම සඳහා කුසල් මෙන්ඩිස් පිටියට පැමිණී අතර, ඔහු ඕශධ ප්‍රනාන්දු සමඟින් එක්ව ශ්‍රී ලංකාවට ලකුණු 91ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගූ අතර, අනතුරුව ඕශධ ප්‍රනාන්දු ලකුණු 64කට දැවී ගියා. අද දින ලබාගත් මෙම අර්ධ ශතකය ඕශධ ප්‍රනාන්දුගේ ටෙස්ට් දිවියේ 6 වන අර්ධ ශතකයයි.

 

 

 

ඉන් අනතුරුව පන්දුවට පහර දීමට පැමිණී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9කට දැවීගිය අතර, පසුව කුසල් මෙන්ඩිස් සමගින් එක්ව දිනේශ් චන්දිමාල් ඉනිමට ලකුණු 40ක සබඳතාවක් එක් කල අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී යාමට ලක්වුණා.

කුසල් මෙන්ඩිස් පන්දු 126ක් තුළ හතරේ පහර 9ක් ඇතුළත්ව ලකුණු 76ක් ලබාගත් අතර, මෙම අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 15 වන අර්ධ ශතකය වේ.

 

 

කුසල් මෙන්ඩිස් ලබාගත් මෙම අර්ධ ශතකයත් සමඟින් කුසල් මෙන්ඩිස් ටෙස්ට් ක්‍රීඩා කර ඇති සෑම කණ්ඩායමකට අර්ධ ශතක ලබාගැනීමට සමත්වී තිබෙනවා. (එංගලන්ත , ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය , සිම්බාබ්වේ , ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් , නවසීලන්තය , පකිස්තානය***)

 

 

පලමු ඉනිමේ මෙන්ම මෙම ඉනිමේදීද දනංජය ද සිල්වාට හා නිරෝශන් දික්වැල්ලට සාර්ථක වීමට නොහැකි වූ අතර, එක් අන්තයක සිටිමින් පලමු ඉනිමේ මෙන්ම මෙම ඉනිමේදී ද අර්ධ ශතකයක් ලබාගැනීමට දිනේශ් චන්දිමාල් සමත්වුණා.

අද දිනය අවසන් වන විට දිනේශ් චන්දිමාල් පන්දු 121කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 86ක් ලබාගෙන සිටින අතර, පිට පිට ඉනිම් 3කදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ලකුණු 70කට වැඩියෙන් ලබාගත් පලමු ක්‍රීඩකයා බවට පත්වීමට ද සමත්වුණා.

 

 

1 – ඕස්ට්‍රේලියාව සමඟ දෙවන ටෙස්ට් තරඟයේදී – 206*

2 – පකිස්තානය සමඟ පලමු ටෙස්ට් තරඟයේ පලමු ඉනිමේ – 76

3 – පකිස්තානය සමඟ පලමු ටෙස්ට් තරඟයේ පලමු ඉනිමේ – 86*

 

 

අද දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබාගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැඳිසිටින දිනේශ් චන්දිමාල් ලකුණු 86ක් හා ප්‍රබාද් ජයසූරිය ලකුණු 4ක් ලබාගෙන සිටිනවා.

මේ වන විට ශ්‍රී ලංකාව තවත් එක් කඩුල්ලක් ඉතිරිව තිබියදී පකිස්තානයට වඩා ලකුණු 333ක් ඉදිරියෙන් සිටින අතර, හෙට (19) තරඟයේ 4 වන දිනයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *