අපරාජිතව සිටි පකිස්ථානය පරදා කැන්ගරුවන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගනී.

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස පැවතී ඕස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ පහළින් නරඹන්න)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 176ක් ලබාගැනීමට සමත් විය. පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mohommad Rizwan පන්දු 52කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 67ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කර Fakhar Zaman පන්දු 32කදී හතරේ පහර 3ක් හා හයේ පහරවල් 4ක් සමඟින් නොදැවී ලකුණු 55ක් රැස්කළ අතර, ආරම්භ පිතිකරු බාබර් අසාම් පන්දු 34කදී ලකුණු 39ක් ද රැස් කිරීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී Michael Starc ලකුණු 38කට කඩුලු 2ක් ලබාගත් අතර, Pat Cummins හා Adam Zampa අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

පිතිකරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් විය. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක Aaron Finch ලකුණු නොලබා දැවී ගිය නමුත් දෙවන කඩුල්ලට ඩේවිඩ් වෝනර් හා Mitchell Marsh එක්ව ලකුණු 51ක් රැස් කළ අතර ඩේවිඩ් වෝනර් පන්දු 30කදී ලකුණු 49ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඕස්ට්‍රේලියා ඉනිමේ 12 වෙනි පන්දුවාරයේදී Maxwell දැවී යාමෙන් පසුව ලකුණු 96කට කඩුලු 5ක් ලෙස සටහන් වූ නමුත් ඉන් පසුව Matthew Wade හා Marcus Stoinis එක්ව 6වන කඩුල්ලට නොබිඳුනු ලකුණු 81ක සබඳතාවක් එක් කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.

 

 

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Matthew Wade පන්දු 17කදී හතරේ පහර 2ක් හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත් වූ අතර , Marcus Stoinis පන්දු 31කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 2ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය.

 

 

19 වෙනි පන්දුවාරයේදී Matthew Wade පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාවට තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තාරඟයේ වීරයා සම්මානයද දිනාගැනීමට සමත් විය.

 

 

මැතිව් වේඩ් අවසානයට එල්ල කළ හයේ පහර තුනේ වීඩියෝව මෙන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *