Chennai braves කණ්ඩායම එරෙහිව පැවතී තරඟයෙන් Deccan Gladiators කණ්ඩායමට ලකුණු 24ක ජයක්.
අබුඩාබි T10 ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස අද පැවතී දසුන් ශානකගේ නායකත්වයෙන් Chennai Braves කණ්ඩායම හා Deccan Gladiators කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 24ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Deccan Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 146ක් ලබා ගැනීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tom Moores පන්දු 17කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩෘ රසල් පන්දු 17කදී හතරේ පහර 3ක් හා හයේ පහරවල් 4ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබාගැනීමට සමත් වූ අතර Tom Banton පන්දු 11කදී ලකුණු 24ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී දසුන් ශානක පන්දුවාර 2කදී ලකුණු 21කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව දනන්ජය ලක්ශාන් ද ලකුණු 38කට එක් කඩුල්ලක් හා Munaf Patel ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. ( දනන්ජය ලක්ශාන්ගේ පන්දුවකට භානුක රාජපක්ෂ රැකගත් සුපිරි උඩපන්දුව පහළින් නැරඹිය හැක)
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Braves කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු ලකුණු 122ක් පමණයි. Chennai Braves කණ්ඩායම වෙනුවෙන් වැඩ්ම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ පෙරේරා පන්දු 29කදී හතරේ පහර 7ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර, Ravi Bopara පන්දු 26කදී හතරේ පහර 7ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය.
Chennai Braves කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 0කට දැවී ගිය අතර, නායක දසුන් ශානක එක් පන්දුවකට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් ලබාගැනීමට සමත් විය.
Deccan Gladiators කණ්ඩායම වෙනුවෙන් Wahab Riaz සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 2 තුළදී ලකුණු 16කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර , Odean smith ලකුණු 16කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. වනිඳු හසරංග එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කළ අතර එම පන්දුවාරයට Chennai Braves කණ්ඩායම ලකුණු 13ක් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව Chennai Braves කණ්ඩායම තරඟය ලකුණු 24කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 17කදී නොදැවී ලකුණු 47ක් ලබාගත් Tom moores වේ.
දනන්ජය ලක්ශාන්ගේ පන්දුවකට භානුක රාජපක්ෂ රැකගත් සුපිරි උඩපන්දුව වීඩියෝව,
— cric fun (@cric12222) November 20, 2021