කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාව පස්වන තරඟය ජයග්‍රහණය කරයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) ඕස්ට්‍රේලියවේ පැවැත්වන තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ 5වන හා අවසන් විස්සයි විස්ස තරඟය ලෙස අද පැවතී තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙල්බන්හීදී පැවතී මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Matthew Wade පන්දු 27කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Glenn Maxwell පන්දු 21කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 29 ලබාගත් අතර, Josh Inglis පන්දු 20දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබාගැනීමට සමත්විය. [ Danirl Sams – 18 (15) | Marcus Stoinis – 17 (10) ]
ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනුවෙන් පන්දු යැවීමේදී, ලහිරු කුමාර ලකුණු 34කට කඩුලු 2ක් හා දුශ්මන්ත චමීර ලකුණු 30කට කඩුලු 2ක් දවාගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම හා චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බඟින් දවාගැනීමට සමත්විය. මහීශ් තීක්ශණ – OVERS 4 | RUNS 27 | WICKET O
අනතුරුව, ලකුණු 155ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 155ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කළහ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 58කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 69ක් රැස්කරගැනීමට සමත්විය.
ඊට අමතරව, නායක දසුන් ශානක පන්දු 31කට මුහුණදෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබාගත් අතර, චරිත් අසලංක පන්දු 9කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Kane Richardson ලකුණු 28කට කඩුලු 2ක් හා Ashton Agar එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව, මෙම තරඟාවලියේ අවසන් විස්සයි විස්ස තරඟය ඕස්ට්‍රේලියාව කඩුලු 5කි පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ නොදැවී ලකුණු 69ක් ලබාගත් කුසල් මෙන්ඩිස් වේ.
(චාමික රැකගත් උඩපන්දුව වීඩියෝ එක)
— Stay Cricket (@staycricket) February 20, 2022
(කුසල් මෙන්ඩිස්ගේ අගනා අර්ධ ශතකයත් සමඟින් සම්පූර්ණ තරඟයේ Highlights)