ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර T20 හා ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර.

(කාල සටහන හා ශ්‍රී ලංකා සංචිතය පහළින්ම සඳහන් කර ඇත) පෙබරවාරි 24 වන දින සිට මාර්තු 16 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරග 3 කින් සහ ICC World Test Championship 2021-23 තරගාවලියට අයත් ටෙස්ට් ක්‍රිකට් තරග 2 කින් සමන්විත තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

මෙම සම්පූර්ණ තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති අතර, එම නාළිකාව වන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) රූපවාහිනී නාළිකායි.

ඒ අනුව ඔබට ITN ඔස්සේ එළැඹෙන පෙබරවාරි 24 වැනිදා සිට  ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් ගැටුම සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවන අතර තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන් පහළින්ම සඳහන් කර ඇත.

 

ඊට අමතරව මෙම තරඟාවලියේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය Star Sports විසින් ලබාගෙන ඇති අතර, Dialog Tv හා Peo Tv පාරිභෝගිකයන් හට තරඟාවලිය නැරඹිය හැකි නාළිකාව හා නාලිකා අංකය පහළින්,

Dialog Tv පාරිභෝගිකයන් හට,
Star Sports 1 – චැනල් නො. 73
Star Sports 1 HD – චැනල් නො. 130

Peo Tv පාරිභෝගිකයන් හට,
Star Sports 1 – චැනල් නො. 41

 

මීට අමතරව Dialog Viu App එක හරහා ද ඔබට තරඟාවලිය නැරඹීමට හැකිවන අතර (කරන්ට් එක ගිය වෙලාවට Dialog Viu හරහා රු. 5කට Channel එක Active කරගත හැක) බොහෝ විට ෆේස්බුක් හරහා ද නැරඹීමට හැකියාව ඇත. (Vision FM රේඩියෝ නාළිකාව තරඟ ඇසීමට හැක)

විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය හා තරඟ කාළ සටහන පහළින්,

1) දසුන් ශානක

 

2) පැතුම් නිස්සංක

 

3) කුසල් මෙන්ඩිස්

 

4) චරිත් අසලංක

 

5) දිනේශ් චන්දිමාල්

 

6) දනුශ්ක ගුණතිලක

 

7) කමිල් මිශාර

 

8) ජනිත් ලියනගේ

 

9) වනිඳු හසරංග

 

10) චාමික කරුණාරත්න

 

11) දුශ්මන්ත චමීර

 

12) ලහිරු කුමාර

 

13) බිනුර ප්‍රනාන්දු

 

14) ශිරාන් ප්‍රනාන්දු

 

15) මහීශ් තීක්ශණ

 

16) ජෙෆ්රි වැන්ඩසේ

 

17) ප්‍රවීන් ජයවික්‍රම

 

18) අශීන් ඩැනියල්

 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරඟාවලියේ හා ටෙස්ට් තරඟාවලියේ තරඟ කළසටහන,

• 1st T20I – පෙබරවාරි 24 | ප.ව.7.00
• 2nd T20I – පෙබරවාරි 26 | ප.ව.7.00
• 3rd T20I – පෙබරවාරි 27 | ප.ව.7.00

• 1st Test – මාර්තු 4 – 8 | පෙ.ව.9.30
• 2nd Test – මාර්තු 12 – 16 | ප.ව.2.00

 

මේ අතර, ඕස්ට්‍රේලියා සංචාරය අතරතුරේදී කොවිඩ් 19 ආසාදනය වූ වනිඳු හසරංග හට තවමත් සුවය නොලැබීම හේතුවෙන් ඔහුට ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත පලමු තරඟය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකටවෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසා ඇති අතර, තවමත් සම්පූර්ණ තරඟාවලියම අහිමිවනු ඇති බවට ප්‍රකාශ කළ නොහැකි බව ද පවසා තිබෙනවා.

තවද, ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වශයෙන් ඉනිම ආරම්භක කර නොදැවී ලකුණු 69ක් ලබාගත් කුසල් මෙන්ඩිස් හා මහීශ් තීක්ශණ යන ක්‍රීඩකයින් දෙදෙනාට ද පුහුණුවීම් අතරතුරේදී ඇතුවූ ආබාධ හේතුවෙන් පලමු විස්සයි විස්ස තරඟය අහිමි වීමට ඇති බවට වාර්ථා වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *