රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට විසිවෙයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Qualifier 2  තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම  හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක ජයක් විශිෂ්ඨ ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සන්ජු සැම්සන් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 157ක් පමණයි.

බැංගලෝර් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පෙර තරඟයේදී ශතකයක් ලබාගත් Rajat Patidar මෙවර අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 42කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව ග්ලේන් මැක්ස්වෙල් පන්දු 13 කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 24ක් ලබාගත් අතර, නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 27කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබාගැනීමට සමත්වුණා. විරාට් කෝලි ලකුණු 7කට දැවීගිය අතර, දිනේශ් කාර්තික් ලකුණු 6කට දැවීගියා.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Prasidh Krishna පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Obed McCoy ලකුණු 23කට කඩුලු 3ක් දවාගත් අතර ට්‍රෙන්ට් බෝල්ට් , රවිචන්ද්‍රන් අශ්වින් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

 

අනතුරුව ලකුණු 158ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ‍රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18.1 ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 161ක් ලබාගනිමින් තරඟය විශිෂ්ට ලෙස ජයගැනීමට සමත්වුණා.

රාජස්ථාන් ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා පන්දු ජොස් බට්ලර් ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 60කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 10ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබාගැනීමට සමත්වුණා. එය මම වසරේ බට්ලර් ලබාගත් 4 වන ශතකයයි.

 

 

ඊට අමතරව නායක සන්ජු සැම්සන් පන්දු 21කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 23 ලබාගත් අතර Yashasvi Jaiswal පන්දු 13කදි හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ජොස් හේසල්වුඩ් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23 කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වු අතර වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්වුණා. වනිඳු අද ලබාගත් කඩුල්ලත් සමඟින් නැවතත් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට සමත්විය. (කඩුලු 26) වනිඳු හමුවේ දැවීගිය ක්‍රීඩකයා වනුයේ සන්ජු සැම්සන් වේ. සන්ජු සැම්සන් මේ වන විට වනිඳු හමුවේ 6 වතාවත් දැවීගොස් ඇත.

 

 

ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත් අතර  මෙම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට විශිෂ්ට ශතකයක් ලබාගත් ජෝස් බට්ලර් සමත්වුණා.

 

වනිඳු හසරංග දැවීගිය ආකාරය. (වීඩියෝව)

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුල්ල (වීඩියෝව)

 

 

ජෝස් බට්ලර්ගේ විශිෂ්ට ශතකය (වීඩියෝව)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *