Biratnagar Warriors කණ්ඩායමට එරෙහිව පැවතී තරඟයෙන් Lalitpur patriots කණ්ඩායමට ලකුණු 37ක ජයක්.
එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 11 වන තරඟය ලෙස අද පැවතී Lalitpur patriots කණ්ඩායම හා Biratnagar Warriors කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සඳුන් වීරක්කොඩි ක්‍රීඩා කරන Lalitpur patriots කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Birantnagar Warriors කණ්ඩායමේ නායකයාගේ ඇරයුමෙන් පලමුව පන්දුවට පහරදුන් Lalitpur patriots කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 226ක් ලබාගැනීමට සමත්වුණා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් Lalitpur patriots කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සඳන් වීරක්කොඩි පන්දු 43කදී හතරේ පහර 10ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 73ක් ලබාගැනීමට සමත් වුණා. (SR 169.76)
ඊට අමතරව නායක Kushal Malla පන්දු 17කදී වේගවත් ලකුණු 32ක් ද, Azamutulla Omarzai පන්දු 24කදී වේගවත් ලකුණු 58ක් ද ලබාගැනීමට සමත් වූ අතර අවසන් මොහොතේදී Narayan Joshi පන්දු 4කදී හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 18ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට දායක වුණා.
පන්දු යැවීමේදී Karan KC පන්දුවාර 4 අවසානයේදි ලකුණු 43ක් ලබාදී කඩුලු 2ක් බිඳ හෙලීමට සමත්වූ අතර, ඩිල්ශාන් මුණවීර පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 13කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව Sikandar Raza හා Pratis GC අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
ඒ අනුව ලකුණු 227 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී Birantnagar Warriors කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 189ක් පමණි. Birantnagar Warriors කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඩිල්ශාන් මුණවීර පන්දු 39 කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වූ අතර Aasif Sheikh පන්දු 30 කදී ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය. (SR 151.28)
පන්දු යැවීමේදී Azamutulla Omarzai පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 42කට කඩුලු 4ක් ලබා ගත් අතර, Lalit Rajbanshi ලකුණු 25කට කඩුලු 2ක් හා Yogendra Singh Karki එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව තරඟය ලකුණු 37ක පහසු ජයක් වාර්ථා කිරීමට Lalitpur patriots කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පිත්තෙන් වේගවත් ලකුණු 58ක් හා පන්දුවෙන් කඩුලු 4ක් දවාගත් Azamutulla Omarzai වේ.
මෙවර LPL තරඟාවලිය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවශ්‍යනම් මෙම සුදුසුකම් සපුරාලිය යුතුයි. (see more)
පිස්සුද? රෙද්දක් ඇදන් මට ආපහු කණ්ඩායමට එන්න බැහැ – ලසිත් මාලිංගගේ කතාව (Click)
මුශ්ෆිකර් රහීම් නයි ඩාන්ස් එක නැටුවේ දනුශ්ක ගුණතිලක කරපු දේ නිසා – තමීම් ඉක්බාල් (Click)