Chattogram Tigers පරාජයට පත්කරමින් Khulna Tigers කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 9වන තරඟය ලෙස ඊයේ පැවතී Chattogram Challengers හා Khulna Tigers අතර පැවතී තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමට තිසර පෙරේරා හා සීකුගේ ප්‍රසන්න ප්‍රමුඛ Khulna Tigers කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Khulna Tigers කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් Chattogram Challengers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබාගැනීමට සමත්වුණා.

Chattogram Challengers ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ, Afif Hossain පන්දු 37කදී හතරේ පහර 3ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Will Jacks පන්දු 23කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබාගත් අතර, Naeem Islam පන්දු 19කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තිසර පෙරේරා, පන්දුවාර 4 අවසානයේදී ලකුණු 18ක් පමණක් ලබාදී කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව, සීකුගේ ප්‍රසන්න, Kamrul Islam, Nabil Samad, Mahedi Hasan හා Farhad Reza අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

 

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Khulna Tigers කණ්ඩායම පන්දුවාර 18.5කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

Khulna Tigers ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Andre Fletcher පන්දු 47කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 58 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, නායක Mushfiqur Rahim පන්දු 30කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සීකුගේ ප්‍රසන්න පන්දු 15කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබාගැනීමට සමත්විය.

 

 

කඩුලු ලබාගැනීමේදී Chattogram Challengers කණ්ඩාය වෙනුවෙන් Mehidy Hasan ලකුණු 24කට කඩුලු 2ක් හා, Shoriful Islam හා Nasum Ahmad එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

ඒ අනුව, Chattogram Challengers කණ්ඩායම කඩුලු 6කින් පහසුවෙන්ම පරාජයට පත්කරමින් Khulna Tigers කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මාන දිනාගනු ලැබූයේ පන්දු 47කදී ලකුණු 58ක් ලබාගත් Andre Fletcher වේ.

 

 

තිසර පෙරේර ලබාගත් කඩුලු තුන හා, සීකුගේ ප්‍රසන්නගේ පිතිහරඹයත් සමඟින් තරඟයේ (Highlights),

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *