Chennai braves කණ්ඩායම පරදා Team Abudabi කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ට ජයක්.

අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 10වන තරඟය ලෙස අද (22) පැවතී Team Abudabi කණ්ඩායම හා Chennai Braves කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Team Abudabi කණ්ඩායම සමත් විය.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Team Abudabi කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Chennai Braves කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 2ක් ලකුණු 131ක් ලබාගැනීමට සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු බානුක රාජපක්ෂ  පන්දු 29කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 54 ලබාගැනීමට සමත් විය. මෙය, භානුක රාජපක්ෂ අබුඩාබි T10 League තරඟාවලියේ පිට පිට ලබාගත් දෙවන අර්ධ ශතකයයි.

 

 

ඊට අමතරව ඇන්ජලෝ පෙරේරා පන්දු 19කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබාගැනීමට සමත් වූ අතර නායක දසුන් පන්දු 8කදී එක් හතරේ පහරක් හා හයේ පහරවල් 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී Team abudabi කණ්ඩායම වෙනුවෙන් Sheldon Cottrell ලකුණු 16කට එක් කඩුල්ලක් හා Ahmed Daniyal ලකුණු 26කට එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Team abudabi කණ්ඩායම පන්දුවාර 9.2ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 136ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය. Team Abudabi කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භ පිතිකරු Phil Salt වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 28කදී හතරේ පහර 5ක් හා හයේ පහරවල් 5ක් සමඟින් නොදැවී ලකුණු 63 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Paul Stirling පන්දු 18කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 5ක් සමඟින් ලකුණු 44ක් හා නායක Liam Livingstone පන්දු 10කදී හයේ පහරවල් 3ක් ලකුණු 24ක් ලබා ගැනීමට සමත්විය.

 

 

Chennai Braves කණ්ඩායම වෙනුවෙන් Mark Deyal හා Curtis Campher එක් කඩුල්ල බැඟින් ලබාගත් අතර, අනෙක් කිසිඳු පන්දු යවන්නෙකුට කඩුලු ලබාගැනීමට හැකි වුණේ නැහැ. දසුන් ශානක පන්දුවාර 1.2ට ලකුණු 29ක් හා දනන්ජය ලක්ශාන් පන්දුවාර එක් පන්දුවාරයකට ලකුණු 14ක් ලබාදුන් නමුත් කඩුලු ලබාගැනීමට නොහැකි විය.

 

 

ඒ අනුව Team Abudabi කණ්ඩායම තරඟය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ නොදැවී ලකුණු 63ක් ලබාගත් Phil Sait වේ.

බානුක රාජපක්ෂගේ වේගවත් පිතිහරඹයේ වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *