Crictracker වෙබ් අඩවිය මඟින් මෙවර තරඟාවලියේ සුපිරි 11 දෙනාගෙන් යුත් කණ්ඩායම නම් කරයි.
15 වන වරටත් පැවැත්වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අලුතින් එක්වූ ගුජරාට් ටයිටන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් දෙකත් සමඟින් කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කළ අතර අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟාවලියේ මූලික වටයේ තරඟ සියල්ලම අවසන් වූ විට, ලොව ජනප්‍රියම වෙබ් අඩවියක් වන Crictracker වෙබ් අඩවිය මඟින් එක් එක් කණ්ඩායම්හි ක්‍රීඩකයින් දක්වා ඇති දස්කම් අනුව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් (Crictracker XI) නම් කර තිබුණා.
ඔවුන් නම් කර ඇති ක්‍රීඩකයින් 11 දෙනාගෙන් යුත් කණ්ඩායමට නම් කර ඇත්තේ මෙවර තරඟාවලියට සහභාගී වූ කණ්ඩායම් 10න් කණ්ඩායම් 6ක ක්‍රීඩකයින් පමණයි.
කෙසේ නමුත් මෙවර අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූ පලමු කණ්ඩායම වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් කිසිඳු ක්‍රීඩකයෙක් ඇතුළත් නොවීමයි.
මෙම කණ්ඩායමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලත් කර ඇති අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් හා රාජස්ථාන් රෝයල්ස් , සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් වලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැඟින් හා පන්ජාබ් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් වලින් එක් ක්‍රීඩකයෙකු බැඟින් ඇතුළත් කර තිබෙනවා.
Crictracker වෙබ්අඩවිය මඟින් නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකත්වය ලෝකේෂ් රාහුල් හට ලබාදී ඇති අතර කඩුලු රැකීමේ කාර්යය ලබාදී ඇත්තේ රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩක දිනේශ් කාර්තික්ට වේ.
මෙවර IPL තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කළත් ඔවුන් අතරින් එක් ක්‍රීඩකයෙකුට පමණක් මෙම කණ්ඩායම සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වී තිබෙනවා.
කෙසේ නමුත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ශූරතාවයන් 5කට හිමිකම් කියන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් හා ශූරතාවයන් 4 කට හිමිකම් කියන චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ වලින් කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත් වී නැත.
ඒ අනුව Crictracker වෙබ්අඩවිය මඟින් නම් කරන ලද කණ්ඩායම මෙන්න.
1) ජෝස් බට්ලර් – රාජස්ථාන් රෝයල්ස් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන විට ඉනිම් 14කදී ශතක 3ක් හා අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 629ක් (ඇවරේජ් 48.38) ලබාගැනීමට සමත්විය. [තරඟාවලිය අවසානයේදී තරඟ 17 – ඉනිම් 17 – ශතක 4 – අර්ධ ශතක 4 – ඇවරේජ් 57.53 – ලකුණු 863)
2) ලෝකේෂ් රාහුල් – ලක්නව් සුපර් ජයන්ට්ස් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන විට ඉනිම් 14කදී, ශතක 2ක් හා අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 537ක් (ඇවරේජ් 48.82) ලබාගැනීමට සමත්විය. [ තරඟාවලිය අවසානයේදී තරඟ 15 – ඉනිම් 15 – ශතක 2 – අර්ධ ශතක 4 – ඇවරේජ් 51.33 – ලකුණු 616)
3) රාහුල් ත්‍රිපාති – සන්රයිසස් හයිද්‍රාබාද් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන විට ඉනිම් 14කදී, අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 413ක් ලබාගැනීමට සමත්විය. (ඇවරේජ් 37.55)
4) ලියම් ලිවින්ස්ටන් – පන්ජාබ් කින්ග්ස් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන විට ඉනිම් 14කදී, අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 437ක් ලබාගැනීමට සමත්විය. (ඇවරේජ් 36.42). ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව – 70
5) දීපක් හූඩා – ලක්නව් සුපර් ජයන්ට්ස් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන විට ඉනිම් 13කදී, අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 406ක් (ඇවරේජ් 31.23) ලබාගැනීමට සමත්විය. [ තරඟාවලිය අවසානයේදී තරඟ 15 – ඉනිම් 14 – අර්ධ ශතක 4 – ඇවරේජ් 32.21 – ලකුණු 451)
6) ඇන්ඩෘ රසල් – කොල්කටා නයිට් රයිඩර්ස් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන විට ඉනිම් 12කදී, අර්ධ ශතක 1ක් සමඟින් ලකුණු 335ක් ලබාගැනීමට සමත්විය. (ඇවරේජ් 37.22). ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව – 70*
පන්දු යැවීමේදී ඉනිම් 13කදී කඩුලු 17ක් ලබාගැනීමට සමත්විය. ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 5කට කඩුලු 4ක් බිඳ දැමීමයි.
7) දිනේශ් කාර්තික් – රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන විට ඉනිම් 14කදී, එක් අර්ධ ශතකක් සමඟින් ලකුණු 287ක් (ඇවරේජ් 57.40) ලබාගැනීමට සමත්විය. [ තරඟාවලිය අවසානයේදී තරඟ 16 – ඉනිම් 16 – අර්ධ ශතක 1 – ඇවරේජ් 55.00 – ලකුණු 330 )
8) වනිඳු හසරංග – රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන ඉනිම් 14කදී කඩුලු 24ක් ලබාගැනීමට සමත්විය. හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 18කට කඩුලු 5ක් දවාගැනීමයි. තරඟාවලිය අවසානයේදී තරඟ 16කදී කඩුලු 26ක් දවාගැනීමට වනිඳු හසරංග සමත්විය.
පන්දුවට පහරදීමේදී ඉනිම් 7කදී වනිඳු හසරංග හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 38ක් පමණයි. වැඩිම ලකුණු සංඛ්‍යාව – 18 (ඇවරේජ් 15.00)
9) හර්ශාල් පටෙල් – රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන ඉනිම් 13කදී කඩුලු 28ක් ලබාගැනීමට සමත්විය. හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 34කට කඩුලු 4ක් දවාගැනීමයි. තරඟාවලිය අවසානයේදී තරඟ 15කදී කඩුලු 19ක් දවාගැනීමට හර්ශාල් පටෙල් සමත්විය.
10) යුස්වේන්ද්‍ර චහාල් – රාජස්ථාන් රෝයල්ස් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන ඉනිම් 14කදී කඩුලු 26ක් ලබාගැනීමට සමත්විය. හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 40කට කඩුලු 5ක් දවාගැනීමයි. තරඟාවලිය අවසානයේදී තරඟ 17කදී කඩුලු 27ක් දවාගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට යුස්වේන්ද්‍ර චහාල් සමත්විය.
11) උම්රාන් මලික් – සන්රයිසස් හයිද්‍රාබාද් –
මූලික වටයේ තරඟ 14 අවසන් වන ඉනිම් 14කදී කඩුලු 22ක් ලබාගැනීමට සමත්විය. හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 25කට කඩුලු 5ක් දවාගැනීමයි.
