දසුන් ශානයක් විස්සයි විස්ස නායකත්වයෙන් ඉවතට. එංගලන්තය සංචාරය සඳහා නව නායකයෙක්.

මෙම වසරේ ජුනි 23 වෙනිදා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර විස්සයි විස්ස තරඟ 3කින් හා එක්දින තරඟ 3කින් යුත් තරඟාවලිය ආරම්භ වීමට නිතමිත අතර විස්සයි විස්ස තරඟ 3 සඳහා නායකත්වය, නිමා වූ බංගලාදේශ සංචාරයේ එක්දින නායකයා වශයෙන් කටයුතු කළ කුසල් ජනිත් පෙරේරා හට ලබා දී ඇති බව වාර්ථා වෙනවා.


විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ ලසිත් මාලිංග ඇතුළු ඡේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් පසුගිය පකිස්ථානයේ සංචාරය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බැවින් දසුන් ශානක හට නායකත්වය ලබා දුන් අතර නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් පකිස්ථාන සංචාරයට සහභාගී වී විස්සයි විස්ස තරඟ 3ම ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

(Photo by ARIF ALI / AFP)

නව තේරීම් කමිටුව විසින් මෙවරද ඡේෂ්ඨ ක්‍රීඩකයින් විවේක ගන්වා නවක ක්‍රීඩකයින්ගෙන් සමත්විත සංචිතයක් නිර්මාණය කරමින් තරඟාවලි වලට සහභාගී වීමට තීරණය කර ඇති අතර 2019 සිට එක්දින නායකත්වයේ සිටි දිමුත් කරුණාරත්න ඉවත් කර එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා හට හිමි ලබා දීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටු සාමාජිකයින් කටයුතු කර තිබුණා.


කෙසේ නමුත් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලැබෙනු ඇතැයි විශ්වාස කළ ද එළබෙන එංගලන්තය සංචාරය සඳහාද විස්සයි විස්ස නායකත්වය කුසල් ජනිත් පෙරේරා හට ලබා දී ඇති බව වාර්ථා වෙනවා.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙ නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ 8ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වුයේ තරඟ 2ක් පමණි. දසුන් ශානක ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 3කට නායකත්වය ලබා දී තරඟ 3ම ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *