Dolphins කණ්ඩායමට එරෙහිව තබ්‍රෙයිස් ශම්සුගෙන් කඩුලු ත්‍රිත්වයක්.
(හැට්‍රික් එකේ වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2022 CSA Challenge තරඟාවලියේ පලමු අර්ධ අවසන් තරඟය ලෙස පෙබරවාරි 25 වන දින පැවතී Dolphins කණ්ඩායම හා Titans කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමට Titans කණ්ඩායම සමත්වුණා.
තරඟාවලියේ කාසියේ වාසිය දිනාගත් Titans කණ්ඩායම පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පලමු පන්දුවට පහර දුන් Dolphins කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 93ක් පමණයි.
Dolphins ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Khaya Zondo පන්දු 33කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Eathan Bosch පන්දු 25කදී ලකුණු 12ක් හා Prenelan Subra පන්දු 11කදී නොදැවී ලකුණු 13ක් ලබාගත් නමුත් අන්කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවවත් පසුකර යාමට TITANS පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී Tabraiz Shamsi විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 15කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. මෙම තරඟයේදී ඔහු විසින් කඩුලු ත්‍රිත්වයක් (HAT-TRICK) ලබාගැනීමට ද සමත්විය. (වීඩියෝ එක පහළ)
ඊට අමතරව Junior Dala ලකුණු 21කට කඩුලු 2ක් හා Ayabulela Gqamane ලකුණු 20කට කඩුලු 2ක් ලබාගත් අතර Lizaa Williams ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Titans කණ්ඩායම පන්දුවාර 14.1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 94ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයගැනීමට සමත්විය.
Titans කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ Dawald Brevis පන්දු 30කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Thenuis de bruyn පන්දු 12කදී ලකුණු 18ක් රැස්කල අතර, Slbonelo Makhanya පන්දු 11කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Dolphins කණ්ඩායමේ Kerwin Mungroo ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර Eathan Bosch ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව මෙම තරඟයෙන් Dolphins කණ්ඩායම පහසුන්වෙන්ම ජයග්‍රහණය කරමින් Titans කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 15කට කඩුලු 3ක් දවාගත් Tabraiz Shamsi වේ.
ශම්සි ලබාගත් කඩුලු ත්‍රිත්වයක් , (Video)