Everest premier league තරඟාවලියේ Lalitpur patriots හා Bhairahawa Gladiators කණ්ඩායම් අතර තරඟය ජයපරාජයෙන් තොරව නිමාවෙයි.
එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 10 වන තරඟය ලෙස Lalitpur patriots කණ්ඩායම හා Bhairahawa Gladiators කණ්ඩායම් දෙක අතර තරඟය අවසානයේදී ලකුනු සමවීමෙන් නිමාවට පත් විය.
තාරඟයේ කාසියේ වාසිය දිනා ගත් Bhairahawa Gladiators කණ්ඩායමේ නායකයාගේ ඇරයුමෙන් පලමුව පන්දුවට පහරදුන් Lalitpur patriots කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවි ලකුණු 177ක් ලබාගැනීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි පන්දු 41කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා. ඊට අමතරව ඕෂධ ප්‍රනාන්දු පන්දු 19කදී ලකුණු 20ක් ද, Azamutulla Omarzai පන්දු 22කදී වේගවත් ලකුණු 42ක් ද ලබාගැබීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Abinash Bohara ලකුණු 47කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර ධම්මික ප්‍රසාද් ලකුණු 30කට එක් කඩුල්ලක් ද ලබාගැනීමට සමත් වුණා. ඊට අමතර Krishana Karki හා Aarif Sheikh ද එක් කඩුල්ල බැඟින් දවාගැනු ලැබුවා.
ඉන් අනතුරුව ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී Bhairahawa Gladiators කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 177ක් පමණි. Bhairahawa Gladiators කණ්ඩායම වෙනුවෙන් අවසානය දක්වා පිතිකරණයේ යෙදෙමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 44කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව Kushal Malla පන්දු 19කදී වේගවත් ලකුණු 35ක් ලබාගැනීමට සමත් වුණා.
ඒ අනුව කණ්ඩායම් දෙකේම ලකුණු සමවීම නිසා තරඟය ජය-පරාජයෙන් තොරව නිමාවූ අතර, තරඟයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 67ක් ලබාගත් උපුල් තරංග හට හිමි වුණා.
More News >>
පිස්සුද? රෙද්දක් ඇදගෙන මට ආපහු කණ්ඩායමට එන්න පුලුවන් ද? – ලසිත් මාලිංගගේ ප්‍රකාශය මෙතනින් බලන්න.
ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන ශෙහාන් ජයසූරියගේ දක්ශතා මෙතනින් බලන්න.