ICC ය මඟින් සිදුකරන ලද ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම මෙන්න.

අසී.සී.සී ය මඟින් ක්‍රීඩකයින්ගේ දක්ශතා අනුව නිකුත් කරන ලද නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම අද (15) දින සිදු කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියට අවිත් තිබෙනවා.

 

 

එහිදී පලමු වශයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේදී කඩුලු 3ක් ලබාගැනීමට සමත්වූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීශ් තීක්ශන අංක 8 දක්වා ඉහළට පැමිණීමට සමත්වී තිබෙනවා.

 

 

මේ වන විට.මහීශ් තීක්ශනත් හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 647ක්.

ඔහු පසුගිය සතියේ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි රැඳීසිටියේ අංක 21වන ස්ථානයේ වේ.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

ඊට අමතරව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානය 10 ඇතුලත තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සිටින අතර ඔහු වනිඳු හසරංග වේ. ඔහු ප්‍රසාද ලකුණු 668ක්  ලබාගනිමින් අංක 7 ස්ථානයේ රැඳී සිටිනවා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

පහුගිය සතියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi ස්ථාන දෙකක් පසුබසිමින් අංක 3 දක්වා පහළට ගොස් තිබෙනවා. (ප්‍රසාද ලකුණු 733)

ශ්‍රී ලංකාවට එරෙහිව දැක්වූ දක්ශතා හේතුවෙන් ඕස්ට්‍රේලියා ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් ප්‍රසාද ලකුණු 792ක් ලබාගනිමින් නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානයට පැමිණ තිබෙන අතර, එහි දෙවන ස්ථානයේ ප්‍රසාද ලකුණු 746ක් ලබාගනිමින් එංගලන්ත ක්‍රීඩක Adil Rashid රැඳී සිටිනවා.

 

 

කෙසේ නමුත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක එක් ස්ථානයක් පහළට ගොස් ඇති අතර ප්‍රසාද ලකුණු 661ක් ලබාගනිමින් අංක 9 වන ස්ථානයේ රැඳී සිටිනවා. පසුගිය සතියේ ඔහු රැඳී සිටියේ අංක 8 වන ස්ථානයේ වේ.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

පසුගිය සතියේ විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 29 වන ස්ථානයේ රැඳී සිටි චරිත් අසලංක තවත් ස්ථාන 9කින් ඉහළට පැමිණෙමින් මේ වන විට අංක 20 වන ස්ථානයේ රැඳීසිටින්නේ ප්‍රසාද ලකුණු 594ක් ලබාගනිමිනි.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

මේ අතර තුන්වන විස්සයි විස්ස තරඟයේදී දසුන් ශානක වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර ඒ හේතුවෙන් නවතම අයි.සී.සී පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 47 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. (ප්‍රසාද ලකුණු 486)

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි පලමු ස්ථාන 10 ඇතුළත ද එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සිටින අතර ඔහු වනිඳු හසරංග වේ. ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 150ක්.

මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ICC නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි තවමත් 6 වන ස්ථානයේ පසුවෙන්නේ ප්‍රසාද ලකුණු 772 ක් ලබාගනිමිනි.

 

 

මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ සුපිරි දස්කම් දක්වන ජෝ රූට් , ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රථම ස්ථානය දිනාගනීමට සමත්වී ඇත්තේ පසුගිය සතියේ අංක 1 ස්ථානයේ රැඳීසිටි Marnus Labuschgne අංක 2 දක්වා පහළ දමමිනි. රූට් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 897ක්.

 

 

ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 679 ලබාගනිමින් තවමත් 15 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 33 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි රැඳී සිටින තව ශ්‍රී ලාංකික පන්දු යවන්නන්,

ලසිත් ඇඹුල්දෙණිය – 35 වන ස්ථානය

කසුන් රාජිත –  43 වැනි ස්ථානය (ප්‍රසාද ලකුණු – 474)

ලහිරු කුමාර – 48 වැනි ස්ථානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *