IPL තරඟාවලියේ දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩකයින්ගෙන් යුත් කණ්ඩායමක් නම් කරයි.

15 වන වරටත් පැවැත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය මැයි 29 වෙනිදා අවසන් වූ අතර, එහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා පලමු වතාවට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ශූරතාවය දිනාගනු ලැබූවා.

 

 

මෙවර තරඟාවලිය කණ්ඩායම් 10කින් යුක්ත වූ අතර තරඟාවලිය ලෝකයේ සුපිරි ක්‍රීඩකයින් රැසක් සමඟින් ක්‍රීඩා කළ තරුණ ක්‍රීඩකයින් ද දස්කම් දැක්වූවා.

තරඟාවලියේ ශූරතාවය ගුජරාට් ටයිටන්ස් දිනාගනිද්දී, අනුශූරතාවය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත්, තුන්වන ස්ථානය රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත්, හතරවන ස්ථානය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමත් දිනාගත් අතර අවසන් ස්ථානය හිමිවූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි.

 

 

මේ අතර, ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ට්‍රැකර් වෙබ් අඩවිය මඟින් තරඟාවලියේ දස්කම් දැක්වූ තරුණ ක්‍රිඩකයින්ගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති අතර, එහි සියලුම ක්‍රීඩකයින් වයස අවුරුදු 25ත් 25ට අඩු ක්‍රීඩකයින් වේ.

 

 

ඔවුන් නම් කළ මෙම කණ්ඩායමට මෙවර අසාර්ථකම කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් හා ශූරතාවය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් වලින් ක්‍රීඩකයින් 2 බැඟින් හා දිල්ලි කැපිටල්ස් , රාජස්ථාන් රෝයල්ස් , රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් , සන්රයිසස් හයිද්‍රාබාද්, පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම් වලින් එක් ක්‍රීඩකයෙකු බැඟින් ඇතුළත් කර තිබෙනවා.

 

 

කෙසේ නමුත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මඟින් නම් කරන ලද මෙම තරුණ ක්‍රීඩකයින්ගෙන් යුත් කණ්ඩායම සඳහා ලක්නව් සුපර් ජයන්ට්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් දෙකෙන් කිසිඳු ක්‍රීඩකයෙක් ඇතුළත් වී නොමැත.

මේ අතර වසර කිහිපයකට පසු මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කළ අතර, එම ක්‍රීඩකයින්ගෙන් දෙදෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වී තිබීම ද විශේෂත්වයකි.

 

 

කණ්ඩායමේ නායකත්වය හා කඩුලු රැකීමේ කාර්යය ද ලබාදී ඇත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් තෝරාගත් රිශාබ් පාන්ට් වේ.

 

ඒ අනුව, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මඟින් නම් කරන ලද කණ්ඩායම මෙන්න.

1) රුතුරාජ් ගයික්වාඩ් – වයස 25 (CSK)

 

 

රුතුරාජ් ගයික්වාඩ් ක්‍රීඩා කළ තරඟ 14 තුලදී ලකුණු 368ක් ලබාගත් අතර, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගනු ලැබූයේ ඔහු වේ. තරඟාවලියේ අර්ධ ශතක 3ක් ලබාගත් අතර ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 99කි. ඇවරේජ් – 26.29

 

2) ශුබ්මන් ගිල් – වයස 22 (GT)

 

 

තරඟාවලියේ තරඟ 16ක් ක්‍රීඩා කරමින් ලකුණු 483ක් ලබාගැනීමට සමත්විය. තරඟාවලිය පුරාවට අර්ධ ශතක 4ක් ලබාගත් ඔහුගේ ඉනිමක සාමාන්‍ය 34.50. ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 96 කි.

 

3) තිලක් වර්මා – වයස 19 (MI)

 

 

තරඟ 14කදී ඉනිම් 14ක් ක්‍රීඩා කරමින් ලකුණු 397 ක් ලබාගැනීමට සමත්විය. අර්ධ ශතක 2ක් ලබාගත් අතර ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 61කි. ඔහු ඉනිමකදී ලකුණු 36.09 ක සාමාන්‍යයක් රඳවාගෙන ඇත.

 

4) රිශාබ් පාන්ට් – වයස 24 (DC)

 

 

තරඟාවලියේ තරඟ 14කදී ඉනිම් 13කදී ලකුණු 340ක් ලබාගැනීමට සමත්විය. එක් අර්ධ ශතකයක්වත්, ශතකයක්වත් ලබාගැනීමට නොහැකි වූ රිශාබ් පාන්ට්ගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 44 වේ. ඉනිමක සාමාන්‍ය 30.91

 

5) ඩෙවල්ඩ් බ්‍රෙවිස් – වයස 19 (MI)

 

 

19 පහළ ලෝක කුසලානයේදී දැක්වූ දක්ශතා හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ලබාගත් ඩෙවල්ඩ් බ්‍රෙවිස් තරඟාවලියේ තරඟ 7කදී ලකුණු 161ක් ලබාගැනීමට සමත්විය. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 49ක් වන අතර ඉනිමක සාමාන්‍ය 23.00කි.

 

6) රියන් පර්ග් – වයස 22 (RR)

 

 

තරඟ 17ක ක්‍රීඩා කරමින් ඉනිම් 14ක පන්දුවට පහර දෙමින් ලකුණු 183ක් ලබාගැනීමට සමත්විය. එක් අර්ධ ශතකයක් ලබාගත් ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 56ක් ලබාගැනීමයි. ඉනිමක සාමාන්‍ය – 16.64කි.

 

7) වනිඳු හසරංග – වයස 24 (RCB)

 

 

තරඟාවලියේ දෙවනියට වැඩිම කඩුලු ලාභියා වූ වනිඳු හසරංග තරඟ 16කදී පන්දුවාර 57ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 430ක් ලබාදී කඩුලු 26ක් ලබාගැනීමට සමත්විය. ඉනිමක වාර්තා වූ හොඳම පන්දු යැවීම ලකුණු 18කට කඩුලු 5ක් බිඳ දැමීමයි. (Econ – 7.54)

 

8) රශීඩ් ඛාන් – වයස 23 (GT)

 

 

තරඟාවලියේ තරඟ 16ක් ක්‍රීඩා කරමින් පන්දුවාර 63.5ක් ක්‍රියාත්මක කර ලකුණු 421ක් පමණක් ලබාදී කඩුලු 19ක් ලබාගැනීමට සමත්විය. Econ – 6.59 / ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 24කට කඩුලු 4ක් බිඳ දැමීමයි.

ඊට අමතරව පිත්තෙන් ඉනිම් 8කදී ලකුණු 91ක් ද ලබාගැනීමට සමත්විය. ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 40කි.

 

9) මහීශ් තීක්ශණ – වයස 21 (CSK)

 

 

තරඟාවලියේ තරඟ 9ක් පමණක් ක්‍රීඩා කරමින් පන්දුවාර 35ක් ක්‍රියාත්මක කර ලකුණු 261ක් ලබාදෙමින් කඩුලු 12ක් දවාගැනීමට මහීශ් තීක්ශණ සමත්විය. ඉනිමක වාර්තා වුඉ හොඳම පන්දු යැවීම ලකුණු 33කට කඩුලු 4ක් බිඳ දැමීමයි.

 

10) උම්රාන් මලික් – වයස 22 (SRH)

 

 

තරඟ 14කදී පන්දුවාර 49.1ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 444ක් ලබාදී කඩුලු 22ක් බිඳ දැමීමට උම්රාන් මලික්ගේ සමත්විය. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 25කට කඩුලු 5ක් ලබාගැනීමයි. (Econ – 9.03)

 

11) අර්ෂ්දීප් සිං – වයස 23 (PK)

 


Photo by Deepak Malik / Sportzpics for IPL

 

තරඟ 14කදී පන්දුවාර 50ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 385ක් ලබාදී කඩුලු 10ක් බිඳ දැමීමට සමත්වී ඇත. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 37කට කඩුලු 3ක් ලබාගැනීමයි. (Econ – 7.70)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *