LPL තරඟාවලියෙන් පසුව ක්‍රීඩකයින්ට ලැබුණු තෑගි මුදල් ප්‍රමාණයන් මෙන්න.

2020 වසරේ ප්‍රථම වරට ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තුන්වන අදියර ඊයේ (23) අවසන් වූ අතර එහිදී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් අඛණ්ඩව තුන්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කිරුළ දිනාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ පලමුව පන්දුවට පහර දෙමින් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ලබාදුන් ලකුණු 163ක ඉලක්කය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 8ක් දැවී හඹායෑමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය ජැෆ්නා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු දිනාගනු ලැබූවා.

පෙර අදියර දෙකේදී මෙන්ම මෙවරත් තරඟාවලිය කණ්ඩායම් 5ක් ක්‍රීඩා කළ අතර, එහි ශූරතාවය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා අනුශූරතාවය කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම දිනාගනිද්දී, තුන්වන ස්ථානය කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම ද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හතරවන ස්ථානයේ සිට තරඟාවලිය අවසන් කරද්දී, තරඟාවලියේ අවසන් ස්ථානය හිමිවූයේ දඹුල්ල අවුරා කණ්ඩායමටයි.

 

 

අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමෙන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ත්‍යාගි මුදල් ලෙස ඩොලර් 100,000ක මුදලක් ලැබුණු අතර, අනුශූරතාවය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට ඩොලර් 50,000ක මුදලක් හිමිවිය.

තරඟාවලියේ, අවසන් මහා තරඟයේ වීරයා වූ, ලකුණු 50ක් වාර්තාකිරීමට සමත් අවිශ්ක ප්‍රනාන්දු හට ඩොලර් 1000ක ත්‍යාගි මුදලක් හිමිවිය.

 

 

තරඟාවලිය පුරාවට දස්කම් දක්වමින් මෙවර තරඟාවලියේ වීරයා බවට පත්වූ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩක සදීර සමරවික්‍රම හට ඩොලර් 5000ක මුදලක් හිමිවිය.

 

 

තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමිවන Green Cap එක හිමිකරගැනීමට සමත්වූයේ අවිශ්ක ප්‍රනාන්දු වේ.. ඔහුට ඒ වෙනුවෙන් ඩොලර් 1000ක ත්‍යාගි මුදලක් හිමිවිය.

මෙවර තරඟාවලියේ, වැඩිම ලකුණු ලාභීන්,

 

1) අවිශ්ක ප්‍රනාන්දු (ජැෆ්නා කින්ග්ස්) – තරඟ 10කදී ලකුණු 339ක් ලබාගැනීමට සමත්විය. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 54ක් වන අතර ඉනිමක සාමාන්‍ය 37.66. තරඟාවලිය පුරාවට අර්ධ ශතක 3ක් රැස්කර ගැනීමට සමත්වී ඇත.

 

 

2) සදීර සමරවික්‍රම (ජැෆ්නා කින්ග්ස්) – තරඟ 9කදී ලකුණු 294ක් ලබාගැනීමට සමත්වි ඇත. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ නොදැවී ලකුණු 62ක් ලබාගැනීමයි. ඔහු 58.80ක සාමාන්‍යයක් රදවාගැනීමට ද සමත්වී ඇත.

 

 

3) දිනේශ් චන්දිමාල් (කලම්බෝ ස්ටාර්ස්) – තරඟ 11කදී ලකුණු 287ක් ලබාගැනීමට සමත්වූ දිනේශ් චන්දිමාල්ගේ ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 63කි. 31.88ක සාමාන්‍යයක් රදවාගනිමින් පන්දුවට පහර දී ඇත.

 

 

මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන Orange Cap එක ලබාගැනීමට හැකිවූයේ Carlos Brathwaite වේ. ඒ වෙනුවෙන් ඔහුට ඩොලර් 1000ක මුදලක් හිමිවිය.

තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් මෙන්න.

 

1) Carlos Brathwaite (කලම්බෝ ස්ටාර්ස්) – තරඟ 8කදී කඩුලු 18ක් ලබාගැනීමට සමත්විය. ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 14ට කඩුලු 4ක් බිඳ දැමීමයි.

 

 

2) නුවන් තුශාර (ගෝල් ග්ලැඩියේටර්ස්) – තරඟ 9කදී කඩුලු 14ක් දවාගැනීමට සමත්වූ නුවන් තුශාරගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 29කට කඩුලු 3ක් බිඳ දැමීමයි.

 

 

3) කසුන් රාජිත (කලම්බෝ ස්ටාර්ස්) – තරඟ 8කදී කඩුලු 13ක් ලබාගැනීමට කසුන් රාජිත සමත්වු අතර, මෙවර තරඟාවලියේ හොඳම පන්දු යැවීමද තමන් සතුකර ගැනීමට සමත්වූයේ ලකුණු 22කට කඩුලු 5ක් බිඳ දැමීමෙනි.

 

 

මෙවර තරඟාවලියේ Innovative player of the tournament හා තරඟාවලියේ වැඩිම හයේ පහරක් සංඛ්‍යාවක් (හයේ පහරවල් 15) එල්ල කිරීමර සමත්වූයේ Rahmanullah Gurbaz වේ. ඒ සඳහා ත්‍යාගි මුදල් ලෙස පිළිවෙලින් ඩොලර් 2000ක් හා ඩොලර් 1000ක මුදල් ඔහුට හිමිවිය.

 

 

2022 තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් සම්මාන ලැබූ අතර ඒ වෙනුවෙන් ඔහුට ඩොලර් 1000ක මුදලක් හිමිවිය. ඔහු තරඟාවලියේ තරඟ 8කදී කඩුලු 13ක් බිඳ දැමීමට සමත්විය.

 

 

තරඟාවලියේ ශූරතාවය දිනාගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ද , සම්මාන හා ත්‍යාගි මුදල් හිමිකරගත් සියලුම ක්‍රීඩකයින්ට ද සුබ පැතුම් එක්කර සිටින අතර, තරඟයෙන් අනතුරුව ලැබුණු කප් එකත් සමඟින් ක්‍රීඩකයින් ලබාගත් චායාරූප කිහිපයක් පහළින්, (චායාරූප වල අයිතිය The Papare වෙබ් අඩවිය සතුයි) 

1)

 

 

2)

 

 

3)

 

 

4)

 

 

5)

 

 

6)

 

 

7)

 

 

8)

 

 

9)

 

 

10)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *