කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Eliminator තරඟය ලෙස අද (19) පැවතී දඹුල්ල ජයන්ට්ස් හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබාගැනීමට සමත් විය.
කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34 කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 50 ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව පැතුම් නිස්සංක පන්දු 39කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත් වූ අතර දනන්ජය ද සිල්වා ලකුණු 15ක් ලබාගත් නමුත් අනෙක් පිතිකරුවන් හට සාර්ථක වීමට නොහැකි විය.
පන්දු යැවීමේදී සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් නුවන් ප්‍රදීප් පන්දුවාර 4 අවසානයේ ලකුණු 23කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර ඉම්රාන් තහීර් ලකුණු 25කට කඩුලු 2ක් හා චාමික කරුණාරත්න ලකුණු 31කට එක් කඩුල්ලක්ද ලබාගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 146ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18.5 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගනිමින් තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ පන්දු 47කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව Najibullah Zadran පන්දු 28කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු Phil Salt පන්දු 21කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර ලකුණු 24කට එක් කඩුල්ලක් ද, නවීන් උල්-හක් ලකුණු 26කට එක් කඩුල්ලක් ද දවාගත් අතර, සීකුගේ ප්‍රසන්න හා ජෙෆ්රි වැන්ඩසේ ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් කරමින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම තරඟය කඩුලු 6කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 47කදී නොදැවී ලකුණු 56ක් ලබාගත් ජනිත් ලියනගේ වේ.
කුසල් ජනිත් පෙරේරාගෙ උඩපන්දුව රැකගත් චාමික කරුණාරත්න කළ දේ. (වීඩියෝ)
Kusal Janith Perera OUT 3 (6) B – Nuwan pradeep | C – chamika Karunaratne #LPL2021 #CSvsDG pic.twitter.com/rpqbzfG8Th
— Stay Cricket (@staycricket) December 19, 2021