Player Draft එකට පෙර එක් එක් කණ්ඩාම් වලින් රඳවාගත් හා මිලදීගත් ක්‍රීඩකයින් –
2020 වසරේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තුන්වන අදියර මෙම වසරේ ජූලි මස 31 වන දින සිට අගෝස්තු 21 වන දින දක්වා පැවැත්වීමට නියමිත වන අතර පසුගිය අදියර දෙක මෙන්ම මෙවර ද කණ්ඩායමේ 5 කින් තරඟාවලිය පැවැත්වෙයි.
තරඟාවලියේ එක් එක් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ Player Draft එක අද (5) පස්වරුවේ සිට පැවැත්වීමට නියමිතයි.
මෙවර එක් කණ්ඩායමක සංචිතයක් සඳහා ක්‍රීඩකයින් 20 ක් ලබාගත හැකි වන අතර, එයට ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 14 ක් හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කරගැනීමට හැකියාවත් ඇත.
ක්‍රීඩකයින් තෝරාගැනීමේ Player Draft එකට පෙර එක් එක් කණ්ඩායම් වල කලින් අදියරේ සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 4ක් හා විදෙස් ක්‍රීඩකයින් 2ක් ඇතුළත්ව ක්‍රීඩකයින් 6 දෙනෙකු තම කණ්ඩායමේ රඳවාගැනීමට හැකි වන අතර, Player Draft එකට පෙර තවත් ක්‍රීඩකයින් 4 දෙනෙකු කණ්ඩායමට මිලදී ගැනීමේ අවස්ථාව එක් එක් කණ්ඩායම් වෙත ලබාදී තිබෙනවා.
එබැවින් පසුගිය වාරයින් දෙකේදීම ශූරතාවය දිනාගත් ජැෆ්නා කණ්ඩායම හා අනුශූරතාවය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම Player Draft එකට පෙර ලබාගත හැකි ක්‍රීඩකකයින් 10 දෙනාම නිවේදනය කර ඇති අතර, අනෙකුත් කණ්ඩායම් වලින්ද ලඟ තබාගන්නා හා Draft එකට පෙර මිලදී ගන්නා ක්‍රීඩකයින් සියල්ල නිවේදනය කර තිබෙනවා.
එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා වන වනිඳු හසරංග පසුගිය වාරයන් දෙකෙහිදීම ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කළ අතර, මෙවර ඔහුගේ කැමැත්තෙන්ම එම කණ්ඩායමෙන් ඉවත්වී නුවර කණ්ඩායම සමඟින් එක්ව තිබෙනවා.
තවද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ නායකත්වය ද සමඟින් එම කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර ඔහු මෙවර දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමඟින් එක්ව තිබෙනවා.
ගිය වසරේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දනංජය ද සිල්වා හා දුශ්මන්ත චමීර යන දෙදෙනාම එම කණ්ඩායම් වලින් ඉවත්ව ඇති අතර දනංජය ද සිල්වා යළිත් ජැෆ්නා කණ්ඩායම සමඟින් හා දුශ්මන්ත චමීර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟින් එක්ව තිබෙනවා.
ඒ අනුව එක් එක් කණ්ඩායම් මඟින් Player Draft එකට පෙර ලඟ තබාගන්නා ක්‍රීඩකයින් හා මිලදී ගෙන ඇති ක්‍රීඩකයින් සියල්ල මෙන්න.
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්,
2021 වසරේ කණ්ඩයමේ සිටි මෙවර ඔවුන් ලඟ තබා ගන්නා ක්‍රීඩකයින් – Thisara Perera, Shoaib Malik, Maheesh Theekshana, Ashan Randika, Praveen Jayawickrama, Rahmanullah Gurbaz
Player Draft එකට පෙර ජැෆ්නා කණ්ඩායම මිලදී ගත් ක්‍රීඩකයින් – Dhananjaya De Silva, Dunith Wellalage, Evin Lewis, Hardus Viljoen
කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් –
කලින් වසරේ කණ්ඩායමේ සිටි මෙවරද ලඟ තබා ගන්නා ක්‍රීඩකයින් – Angelo Mathews, Dinesh Chandimal, Jeffrey Vandersay, Seekkuge Prasanna
Player Draft එකට පෙර කොළඹ කණ්ඩායමට මිලදීගත් ක්‍රීඩකයින් – Charith Asalanka, Niroshan Dickwella, , Dwaine Pretorius
ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් –
2021 වසරේ කණ්ඩායමේ සිටි මෙවර ලඟ තබාගන්නා ක්‍රීඩකයින් – Danushka Gunathilaka, Kusal Mendis, Pulina Tharanga, Lakshan Sandakan, Nuwan Thushara
Draft එකට පෙර ගාල්ල කණ්ඩායමට මිලදී ගත් ක්‍රීඩකයින් – Dushmantha Chameera, Faheem Ashraf, Imad Wasim, Sarfraz Ahmed
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් –
කලින් වසරේ කණ්ඩායමේ සිටි මෙවරද ලඟ තබා ගන්නා දඹුල්ල ක්‍රීඩකයින් – Dasun Shanaka, Ramesh Mendis, Nuwan Pradeep, Tharindu Rathnayake
Draft එකට පෙර දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට මිලදී ගත් ක්‍රීඩකයින් – Bhanuka Rajapaksa, Ben Cutting
කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් –
කලින් වසරේ කැන්ඩි කණ්ඩායමේ සිටි මෙවරද ලඟ තබා ගන්නා ක්‍රීඩකයින් – Kamindu Mendis
Draft එකට පෙර නුවර කණ්ඩායමට මිලදී ගත් ක්‍රීඩකයින් – වනිඳු හසරංග , චාමික කරුණාරත්, Carlos Brathwaite, Chris Green,