Quetta Gladiators කණ්ඩායම පරදා Multan Sultans කණ්ඩායමට ලකුණු 117ක දැවැන්ත ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) පකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ 25 වන තරඟය ලෙස ඊයේ (18) පැවතී Multan Sultans කණ්ඩායම හා Quetta Gladiators කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 117ක විශිෂ්ට ජයක් ලබාගැනීමට Multan Sultans කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Multan Sultans කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් රැස්කරගැනීමට සමත්විය.
Multan Sultans කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Mohammed Rizwan පන්දු 54කදී හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Rilee Rossouw පන්දු 26කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 9ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 71ක් ලබාගැනීමට සමත්වූ අතර, Shan Masood පන්දු 38කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Quetta Gladiators කණ්ඩායමේ Mohammed Irfan, Naseem Shah සහ Ghulam Mudassar අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී Quetta Gladiators කණ්ඩායමට පන්දුවාර 15.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 128ක් පමණයි.
Gladiators කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Umar Kmal පන්දු 23කදී හතරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Jason Roy පන්දු 19කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් හා Sarfaraz Ahmed පන්දු 23කදී ලකුණු 17ක් ලබාගත් නමුත්, අන් කිසිදු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට Multan Sultans කණ්ඩායමේ පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නෙ නැහැ.
පන්දු යැවීමේදී Asif Afridi, David Willey, Shahnwaz Dahani හා Khushdil Shah කඩුලු දෙක බැඟින් දවාගත් අතර, Imran Tahir ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය. [ Asif Afridi 2/42 (4) , David Willey 2/22 (2), Shahnwaz Dahani 2/22 (3), Khushdil Shah 2/17 (2.5) ]
ඒ අනුව, Quetta Gladiators කණ්ඩායම ලකුණු 117කින් පරාජයට පත්කරමින් Multan Sultans කණ්ඩායම විශිෂ්ට ජයක් ලබාගත් අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 26කදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 71ක් ලබාගත් Rilee Rossouw වේ.
කඩුල්ලක් දවාගත් පසු Shahnwaz Dahani පිටියේ දිව යන වීඩියෝව,
Dahani Entertainment
?#HBLPSL7 I #LevelHai I #MSvQG pic.twitter.com/2RXMvJS1jo— PakistanSuperLeague (@thePSLt20) February 18, 2022