Samp Army කණ්ඩායම පරදා අබුඩාබි කණ්ඩායමට ලකුණු 18ක ජයක්..

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක).. 2022 අබුඩාබි T10 තරඟාවලියේ 17 වන තරඟය ලෙස අද (29) පැවතී අබුඩාබි කණ්ඩායම හා Samp Army කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 30 ජයක් ලබාගැනීමට ටීම අබුඩාබි කණ්ඩායම සමත්වුණා..

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ටීම් අබුඩාබි නායක Chris Lynn, පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් අබුඩාබි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 100ක් ලබාගැනීමට සමත්වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ James Vince වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 25කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව නායක Chris Lynn පන්දු 23කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 35 ලබාගත් අතර, Fabian Allen පන්දු 10කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද ලබාගැනීමට සමත්වුණා..

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න ඔහුගේ පන්දුවාර 2 අවසානයේදී ලකුණු 13කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වූ අතර, Ahmed Raza පන්දුවාර 2 අවසානයේදී ලකුණු 19 කට එක් කඩුල්ලක් බිඳ දැමීය..

 

 

අනතුරුව ලකුණු 101ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Samp Army කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි..

Samp Army ඉනිම වෙනුවෙන් අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ Basil Hameed පන්දු 18කට මුහුණදෙමින් එක් හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව කිසිදු ක්‍රීඩකයෙක් හට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකිවූ අතර, Karim Janat ලකුණු 9කට හා නායක Moeen Ali ලකුණු නොලබාම දැවීගියා. චාමික කරුණාරත්න හට පන්දු 3කදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2ක් පමණයි..

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Peter Hatzoglou නියමිත පන්දුවාර 2 අවසානයේදී ලකුණු 6කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූ අතර Andrew Tye පන්දුවාර 2 අවසානයේදී ලකුණු 17කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව Fabian Allen ලකුණු 24කට කඩුලු 2ක් හා Naveen-ul-haq  ලකුණු 4කට එක් කඩුල්ලක් ද බිඳදැමීය.

 

 

ඒ අනුව, Samp Army කණ්ඩායම 18කින්  පරාජයට පත්කිරීමට අබුඩාබි කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ලකුණු 6කට කඩුලු 3ක් දවාගත් Peter Hatzoglou වේ.

 

චාමික කරුණාරත්න දවාගත් කඩුලු 2 වීඩියෝව මෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *