Tm ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Endeavour Hills කණ්ඩායම හා Kew කණ්ඩායම අතර තරඟයේ ජය, Kew කණ්ඩායමට.

වික්ටෝරියා උප ක්‍රිකට් සංගමය (North/East) මඟින් පවත්වනු ලබන ක්‍රිකට් තරඟාවලියෙ ඊයේ (2021 නොවැම්බර් 20) පැවතී, Kew කණ්ඩායම හා තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Endeavour Hills කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 74ක ජයක් ලබාගැනීමට Kew කණ්ඩායම සමත් විය.

 

 

කාසියේ වාසිය දිනාගත් Endeavour Hills කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් පලමු පන්දු යැවීමට තීරණය කළ අතර, පලමුව පන්දුවට පහර දුන් Kew කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබාගැනීමට සමත් වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jw Hastings පන්දු 44කදී ලකුණු 64ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු CR Weeks පන්දු 72කදී ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී G de Silva පන්දුවාර 9කදී ලකුණු 61කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර, C Pereira හේමන්ත ජයසුන්දර එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් වුණා..නායක තිලකරත්න ඩිල්ශාන් පන්දුවාර 9ක් ක්‍රියාත්මක කළ අතර ලකුණු 44ක් ලබාදී ඇති නමුත් කඩුලු ලබාගැනීමට හැකි වුණේ නැහැ.

 

 

ලකුණු 247ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී Endeavour Hills කණ්ඩායමට පන්දුවාර 35.5ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලහිරු තිරිමාන්න පන්දු 84කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් රැස්කිරීමට සමත්විය.

 

 

ඊට අමතරව සුසන්ත ප්‍රදීප් පන්දු 46කදී ලකුණු 32ක් ලබාගත් අතර, නවිශ්ට ද සිල්වා පන්දු 21කදී ලකුණු 21ක් ලබාගැනීමට සමත් විය. Endeavour Hills කණ්ඩායමේ නායක TM ඩිල්ශාන් හට පන්දු 11කදී හතරේ පහර 2ක් සමඟින් ලබාගැනීමට හැකි වූයේ ලකුණු 16ක් පමණි.

 

 

පන්දුයැවීමේදී Kew කන්ඩායම වෙනුවෙන් J Davidson ලකුණු 32කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වූ අතර J Carroll ලකුණු 35කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

 

ඒ අනුව තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Endeavour Hills කණ්ඩායම පරාජයට පත් කරමින්, Kew කණ්ඩායම ලකුණු 74ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *