Wisden සඟරාවට අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකි කණ්ඩායම් ලැයිස්තුව.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය එක් එක් රටවල් වලට ජයග්‍රහණය කරගැනීමට ඇති හැකියාව පිළිඹඳව Wisden සඟරාව විසින් ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ලිපියක් පළ කර ඇති අතර එක් එක් සංචිත වල සිටින ක්‍රීඩකයින් හා මෑත කාලයේ විස්සයි විස්ස පිටියේ දැක්වූ දක්ශතා පදනම් කරගනිමින් මෙම ලැයිස්තුව සකස් කර ඇත.

 

 

Wisden සඟරාව සඳහන් කරන පරිදි මෙවර ලෝක කුසලානය දිනාගැනීමට වැඩි අවස්ථාවක් ඉන්දියා කණ්ඩායමට හිමිව ඇති අතර එහි දෙවන ස්ථානයේ  අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අනුශූරතාවය ලබාගත් එංගලන්තය ද, තුන්වන ස්ථානය 2016 දී ශූරතාවය ලබාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් හිමිවී තිබෙනවා.

 

 

කෙසේ නමුත් 2014 ලෝක කුසලානයේදී ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාව ඇති කණ්ඩායම් ලැයිස්තුවේ පහළ ස්ථානයක සිටින බව Wisden සඟරාව විසින් සඳහන් කර ඇත.

ඔවුන් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සඳහන් කර සිටියේ මෙවන් සටහනක්.

 

“මෙය මෑත කාලීනව තරග වදින දුර්වලතම ශ්‍රී ලංකා සංචිතයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමට අසමත් වුවද එය පුදුමයක් නෙවෙයි. වනිදු හසරංග ඔවුන්ට සිටින විශිෂ්ට තරුවක්. නමුත් සංචිතය තුළදී ඔහු තනිවෙනු ඇත.

 

පසුගිය ඉන්දියාව සමගින් පැවතී තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවුණේ බුවනේෂ්වර් හා කුල්දීප් යන ක්‍රීඩකයින්ට හය, හත ස්ථාන වල පන්දුවට පහරදීමට සිදුවූ නිසයි. එම තරගාවලිය පසෙක තැබූ විට පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා නෑ”

 

 

ඔවුන්ගේ මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 11 වන ස්ථානයේ සිටින අතර නෙදර්ලන්තය ශ්‍රී ලංකාවටත් වඩා ඉහළින් සිටිමින් 10 වන ස්ථානය ලබාදීමට Wisden සඟරාව කටයුතු කර තිබෙනවා.

 

 

Wisden සඟරාවට අනුව මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට පවතින සම්භාවිතාව අනුව කණ්ඩායම් පෙළගැස්ම.

1) ඉන්දියාව

2) එංගලන්තය

3) බටහිර ඉන්දීය කොදෙව්

4) ඕස්ට්‍රේලියාව

5) පාකිස්තානය

6) නවසීලන්තය

7) බංගලාදේශය

8) දකුණු අප්‍රිකාව

9) ඇෆ්ගනිස්තානය

10) නෙදර්ලන්තය

11) ශ්‍රී ලංකාව

12) ස්කොට්ලන්තය

13) අයර්ලන්තය

14) ඕමානය

15) නැමීබියාව

16) පැපුවා නිව්ගිනියාව

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *