Wisden සඟරාව නම් කරන ලද ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්,
ලොව ප්‍රකට ක්‍රීඩා සඟරාවක් වන විස්ඩන් සඟරාව විසින් පසුගිය වසරට අදාලව, ලොව ටෙස්ට් ක්‍රීඩා කරන වයස අවුරුදු 25ට අඩු සුපිරි ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.
මෙම කණ්ඩායමේ පන්දු යවන්නන් සඳහා සුපිරි වේගපන්දු යවන්නන් 3 දෙනෙක් ඇතුළත් කර ඇති අතර දඟපන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විතයි.
මෙම වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින්ගෙන් යුත් කණ්ඩායම සඳහා ඔවුන් ලොව ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 8කින් ක්‍රීඩකයින් තෝරාගෙන ඇති අතර, ඉන්දියා , පකිස්තාන්, බටහිර ඉන්දීය කොදෙව් රටවල් වලින් ක්‍රීඩකයින් 2 බැඟින් හා ශ්‍රී ලංකාව , ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා ඕස්ට්‍රේලියාවෙන් එක් ක්‍රීඩකයෙකු බැඟින් ඇතුළත් කර තිබෙනවා.
කෙසේ නමුත්, මෙම කණ්ඩායම සඳහා කිසිදු නවසීලන්තය ක්‍රීඩකයෙක් ඇතුලත් කර නොමැත.
කණ්ඩායමේ කඩුලු රකින්නාගේ ලෙස ඉන්දීය ක්‍රීඩක රිශාබ් පාන්ට් නම් කර ඇති නමුත් කණ්ඩායමේ නායකයා කවුරුන්ද යැයි සඳහන් කර නොමැත.
ඒ අනුව, Wisden සඟරාව විසින් නම් කරන ලද වයස 25න් පහළ කණ්ඩායම මෙන්න,
1) Abdullah Shafique – පකිස්තානය
වයස අවුරුදු 22ක් වන Abdullah Shafique මේ වන විට ටෙස්ට් තරඟ 7කට ක්‍රීඩා කරමින්, ඉනිම් 13කදී පන්දුවට පහර දෙමින් ලකුණු 736ක් ලබාගෙන ඇති අතර, අර්ධ ශතක 4ක් හා ශතක 2ක් ලබාගෙන තිබෙනවා.
පසුගිය දා ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 160* ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 66.90කි.
2) Shubman Gill – ඉන්දියාව
වයස අවුරුදු 22ක් වන Shubman Gill මේවන විට ටෙස්ට් තරඟ 11කට ක්‍රීඩා කරමින්, ඉනිම් 21කදී පන්දුවට පහර දෙමින් ලකුණු 579ක් ලබාගෙන ඇති අතර, අර්ධ ශතක 4ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 91කි.
3) පැතුම් නිස්සංක – ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම කණ්ඩායමේ සිටින එකම ක්‍රීඩකයා, වයස අවුරුදු 24ක් වන පැතුම් නිස්සංක මේ වන තරඟ 9කදී ඉනිම් 15ක් පන්දුවට පහර දෙමින් ලකුණු 537ක් ලබාගෙන සිටින්නේ 38.35ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ඔහු එක් ශතකයක් හා අර්ධ ශතක 5ක් ලබාගෙන ඇති අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 103ක්.
4) Ollie Pope – එංගලන්තය
වයස අවුරුදු 24ක් වන Ollie Pope මේ වන විට ටෙස්ට් තරඟ 27කට ක්‍රීඩා කරමින්, ඉනිම් 48කදී පන්දුවට පහර දෙමින් ලකුණු 1309ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, අර්ධ ශතක 7ක් හා ශානක 2ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 145ක්.
5) Cameron Green – ඕස්ට්‍රේලියාව
මේ වන විට වසය 23ක් වන ඕස්ට්‍රේලියා ක්‍රීඩක Cameron Green ටෙස්ට් තරඟ 14ක් ක්‍රීඩා කරමින් ඉනිම් 21කට පන්දුවට පහර දෙමින් සම්පූර්ණ ලකුණු 723ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 85ක් වන අර්ධ අර්ධ ශතක 5කට හිමිකම් කියයි. (සාමාන්‍ය – 36.15)
මේ අතර ඉනිම් 23කදී පන්දු යැවීමේ නිරත වෙමින් ඔහු කඩුලු 16ක් ද ලබාගෙන තිබෙනවා. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 31කට කඩුලු 3ක් දවාගැනීමයි.
6) Rishabh Pant – ඉන්දියාව
වයස අවුරුදු 24ක් වන කඩුලු රකින ක්‍රීඩක Rishabh Pant මේවන විට ටෙස්ට් ඉනිම් 53කදී පන්දුවට පහර දෙමින් ලකුණු 2123 ලබාගෙන ඇති අතර, අර්ධ ශතක 10ක් හා ශතක 5කට හිමිකම් කියයි. ඔහුගේ ටෙස්ට් ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 159*ක් වන අතර සාමාන්‍ය 43.32කි.
7) Joshua De Silva – බටහිර ඉන්දීය කොදෙව්
වයස අවසන් 24ක් වන Joshua De silva ටෙස්ට් තරඟය 16කදී ඉනිම් 27ක් පන්දුවට පහර දෙමින් මේ වන විට ලකුණු 670ක් ලබාගෙන ඇති අතර එක් ශතකයක් ගා අර්ධ ශතක 3ක් ලබාගෙන සිටිනවා. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 100*කි.
8) Marco Jansen – දකුණු අප්‍රිකාව
මේ වන විට වයස අවුරුදු 22 ක් වන marco Jansen ටෙස්ට් තරඟ 5කදී ඉනිම් 9කදී පන්දු යැවීමේ කාර්යය සිදුකරමින් ලකුණු 570කට කඩුලු 28ක් දවාගැනීමට සමත්වී තිබෙනවා. ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 31කට කඩුලු 4ක් දවාගැනීම හා තරඟයක හොඳම පන්දු යැවීම ලකුණු 91කට කඩුලු 7ක් දවාගැනීමයි.
9) mehidy Hasan – බංගලාදේශය
වයස අවුරුදු 24ක් වන බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan මේ වන විට ටෙස්ට් තරඟ 35ක් ක්‍රීඩා කර තිබෙන අතර, ඉනිම් 59කදී පන්දුයැවීමෙන් කඩුලු 135ක් ලබාගෙන තිබෙනවා. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 58කට කඩුලු 7ක් දවාගැනීමයි.
ඊට අමතරව පන්දුවට පහරදීමෙන් ද ලකුණු 1089ක් ලබාගෙන තිබෙන අතර, ඔහු අර්ධ ශතක 3ක් හා එක් ශතකයක් ලබාගෙන තිබෙනවා. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 103ක්.
10) Shaheen Afridi – පකිස්තානය
වයස අවුරුදු 22ක් වන Shaheen Afridi මේ වන විට ටෙස්ට් තරඟ 25ක් ක්‍රීඩා කර තිබෙන අතර, ඉනිම් 42කදී පන්දුයැවීමෙන් කඩුලු 99ක් ලබාගැනීමට සමත්වී තිබෙනවා. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 51කට කඩුලු 6ක් දවාගැනීම හා තරඟයක හොඳම පන්දු යැවීම ලකුණු 94කට කඩුලු 10ක් දවාගැනීමයි..
11) Jayden Seales – බටහිර ඉන්දීය කොදෙව්
තවමත් වයස අවුරුදු 20ක් වන Jayden Seales ටෙස්ට් තරඟ 9ක් ක්‍රීඩා කර ඇති අතර ඉනිම් 17කදී පන්දු යැවීමේ කාර්යය සිදුකරමින් කඩුලු 36ක් ලබාගැනීමට සමත්වී තිබෙනවා. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වෙන්නේ ලකුණු 55කට කඩුලු 5ක් දවාගැනීමයි.